අධ්‍යාපනය හදාරන ඔබ දැනගත යුතුම වෙබ් අඩවි 07ක්




විශ්වවිද්‍යාලක එහෙමත් නැත්නම් පාසලක අධ්‍යාපනය හදාරන ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන වෙබ් අඩවි ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ. ඔයාලගෙ වැඩ ගොඩක් පහසු කරගන්න පුලුවන් වේවි කියල හිතනව ලිපිය අවසානයේදි.

මම වෙබ් අඩවි එක ගානෙ අරං එකකට අදාලව විස්තරය කියන්නම්. ඒ වගේම මේ හැම වෙබ් අඩවියක්ම නොමිලේ සේවා ලබා ගත හැකි වෙබ් අඩවි.

Grammarly

Grammarly Homepage

මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල මොකක් හරි ලියපු දේක grammar චෙක් කරගන්න. Assignment වල එහෙම grammar ටික හරිද බලන්න ඕන නම් කෙලින්ම මේ වෙබ් අඩවියට ගිහින් paste කරා නම් ඔයාගෙ වැරදි ටිකයි, වෙනස් වෙන්න ඕන විදිහයි මේ වෙබ් අඩවියෙන් හොයල දෙනවා. කාගෙන්වත් උදව් ඉල්ලන්න ඕන නෑ මේක හරිද බලපං කියල ඔයාටම ඔයාගෙ වැඩ කරගන්න පුලුවන්.

Desmos

Desmos Homepage

Maths, Bio, Engineering, Medicine වගේ අයට ගොඩක් වැදගත් වේවි. සමීකරණයක් දුන්නම ඒකට ඕන ප්‍රස්තාරෙ ගහගන්න එක ටිකක් වෙලා යන වැඩක්. සමහර ඒවගෙ හැඩය කොයි වගේද කියලවත් අපිට හොයාගන්න බෑනෙ. මේ වෙබ් අඩවියෙන් ඔයා දෙන සමීකරනෙකට අදාලව ප්‍රස්තාරෙ ඇදල දෙනව අපිට. ප්‍රස්තාර ඕන ගානක් එකම තලයේ ඇදගන්න පුලුවන්. Max, Min ඔය වගේ function ටිකකුත් තියෙනව දන්න අයට පුලුවන් ඒවත් භාවිතා කරන්න. මේ වෙබ් අඩවියට ගියාම දකුනු පැත්තෙ උඩම ඇති graph කියල එතනින් තමයි ඔයාල ප්‍රස්තාර ඇද ගන්න යන්න ඕන.

එහෙමම පහල ඇති calculator කියලත්. හදිස්සියෙ ඔයාට කැල් එකක් ඕන නම් (scientific) මේ කැල් එක භාවිත කරන්න පුලුවන්.

Sleepytime

Sleepytime Homepage

මේකත් හරිම interesting වෙබ් අඩවියක් ඒ වගේම සරලයි. මේකට ගියාම ඔයාට දෙන්න පුලුවන් ඔයාට හෙට නැගිටින්න ඕන කියල හිතෙන වෙලාව. ඊට පස්සෙ මේ වෙබ් අඩවියෙන් ඔයාට වෙලාවන් හතරක් යෝජනා කරයි මේ වෙලාවන් වලදි නින්දට යන්න කියන්න. ජීව විද්‍යාවෙ අපි ගැබුරු නින්දකින් අවදිවෙන අවස්තා සලකල තමයි ඔය වේලාවන් ගනණය කරන්නේ. ඇත්තටම ඒ වැඩේ හරි යනව. ගානට පහුවදා ඒ වේලාවට බෙල් එක වදිද්දි අපහසුවක්, කම්මැලිකමක් නැතුව ඔයාට නැගිටගන්න පුලුවන් වෙයි.

WolframAlpha

WolframAlpha Homepage

වෙබ් අඩවි ඔක්කොගෙන්ම අපිට වටිනම වෙබ් අඩවිය තමයි මේක. මේ වෙබ් අඩවියෙ ඔයාට ඕනම විෂය සම්බන්ද ගැටලුවක් search කරන්න පුලුවන් (ගාන පිටින්ම copy & paste කරන්න). ඊට පස්සෙ ඔයාට ඒ ගාන හදන හැටි පියවරෙන් පියවර තියරිත් එක්ක ලැබේවි. මොකක් හරි ගානකට ප්‍රතිපලයක් ආවෙ නැත්නම් ඒ ගාන සම්බන්ද පාඩමේ නම search කරන්න. එතනින් ඔයාට පහසුවෙන් තේරුම් අරං ගාන හදන්න පුලුවන් වේවි. උදාහරණයක් හැටියට මම “Mathematical induction” කියල search කරොත් ඔයාට ඒකෙ තියරි ටිකයි උදාහරණ ටිකකුයි බලාගන්න ලැබෙයි. තනියම ඉගෙනගද්දි ගොඩක් වැදගත් මේ වෙබ් අඩවිය.

HackerRank

HackerRank Homepage

Programming කරන හා ඉගෙන ගන්න කැමති අය මේ වෙබ් අඩවියේ developer account එකක් හදාගන්න. ඔයා මොකුත්ම දන්නෙ නැති උනත් ඔයාට tutorial ගොඩාක් නොමිලේ ගන්න ලැබේවි. තනියම programming ඉගෙන ගන්න සහ දන්න අයට තමන්ගෙ දැනුම වැඩි කරගන්න කියාපු වෙබ් අඩවියක්. ඒ වගේ ඔයාට programming competition එකක් උනත් ඔයාගේ යාලුවෝ අතරේ තියන්න පුලුවන් මේ වෙබ් අඩවියෙන්. අනිවාර්යයෙන් ගිහින් බලන්න උනන්දුවක් තියෙන අය.

Smallpdf

Smallpdf Homepage

මේ වෙබ් අඩවියෙන් ඔයාට පුලුවන් ඔයාගෙ පරිගණකයේ තියෙන photos එකතු කරල pdf එකක් හදාගන්න. ගොඩක් වෙලාවට Academic වැඩවලට අපිට ඕනෙ වෙනවනෙ assignment එකක උත්තර ලියපු කොල ටික එක pdf එකකට දාගන්න. ඉතින් මේ වෙබ් අඩවියෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්. ඒ වගේම pdf එකේ සයිස් එක වැඩි නම් ඒක අඩු කරගන්නත් මේ වෙබ් අඩවියෙන් පුලුවන්. අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම දෙයක්නෙ ඒක. ඉල්ලන සයිස් එකට අපේ ෆයිල් එක තියාගන්න එක.

Savefrom.net

Savefrom.net Homepage

මේ වෙබ් අඩවියෙන් ඔයාට පුලුවන් YouTube videos download කරගන්න. අදාල video එකේ link එක copy කරලා paste කරාම ඔයාලට කැමති quality එකකින් ඒ වීඩියෝව download කරගන්න පුලුවන්. ගොඩක් වේලාවට අපිට නොතේරුන දෙයක් අපි හොයන්නෙ YouTube එකේනෙ. ඉතින් ආයෙ ආයෙ බලන්න නම් download කරගන්න එක වටිනවා.

ඔය ටික තමා මට දැනුන විදිහට ඕනම කරන වෙබ් අඩවි ටික. මීට අමතරව වැදගත්‍ ය කියල හිතෙන වෙබ් අඩවි ගැන ඔයාල දන්නවා නම් comment එකක් දාන්න.

සටහන උපුටා ගැනීම : මලිත් දිල්ශාන්
කන්ද – Kanda Facebook පිටුව

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *