Submit Articles

තාක්ෂණික පුවත් සිංහලෙන් නොමිලේම දැනගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන TEC ROOM වෙබ් අඩවියෙන් ඔබටත් ඉඩක්.

ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව තියනවා නම්, translate කරන්න හෝ ඔයාගේ විදිහට ලිපි ලියන්න හැකියාවක් තියෙනවා නම් වගේම ඔයාගේ දක්ෂතාවය හැමෝමත් එක්ක බෙදා හදා ගන්න කැමති නම්, අපි සුදානම් ඔබට අවස්ථාවක් ⁣ලබාදෙන්න.

අපගේ වෙබ් අඩවියේ අඩංගු ලිපි Apps, E – Money, Tips, Security, Tutorials, Social Media, Education, Internet, SEO, Gaming, Microsoft, Android, Technology, Apple, Computing, Google, News, Exclusives සහ Software යන Category වලට අයත් වේ.

ඔබටත් අපගේ වෙබ් අඩවියේ ලිපි පළකර ගැනීමට අවශ්‍ය නම් අප වෙත [email protected] ඊමේල් ඔස්සේ එවන්න. ලිපිය අපවෙත යොමුකිරීමට පෙර පහත සඳහන් කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න.

අවශ්‍යය මූලික දේවල්

තෝරා ගන්නා ලද news article එකක් හෝ ඔබේම ලිපියක්.

සිංහල type කිරීමට අපහසු නම් Google input tools වැනි පහසුකමක්. එසෙත් නැත්නම් ඔබට හෙළකුරු භාවිතා කල හැකියි.

පරිවර්තනයේ දී සැලකිය යුතු කරුණු

පරිවර්තනය ආරම්භ කිරීමට පෙර එම ලිපිය කියවා හොඳින් තේරුම් ගන්න.

හැකි සෑම විටම සරල ව කරුණු ඉදිරිපත් කරන්න.

සෑම වචනයක් ම අතිශයින් ම සිංහල විය යුතු නැත. කියවන්නාට තේරෙන අයුරින් නිතර භාවිතා වන ඉංග්‍රීසි වචන පාවිච්චි කිරීමට උත්සාහ ගන්න. (උදා: Mouse එකට මූසිකය යනුවෙන් යෙදීම අවශ්‍ය නොවේ.)

සෑම විටම පරිවර්තනය කිරීමෙන් පසු නැවත වරක් පරිවර්තිත ලිපිය හොඳින් කියවා බලා නොගැලපෙන තැන් ඇතොත් ඒවා නිරාකරණය කරන්න.

පරිවර්තනය අවසානයේ දී

ඔබ⁣ අපගේ ඊමේල් ලිපිනයට යොමු කරන ලිපිය review කිරීමක් සිදුකරනු ලබනවා.

Review එක අවසානයේ සුළු වෙනස්කම් පමණක් ඇත්නම් ඒවා නිවැරදි කෙරෙනු ඇති නමුත්, එහි ඇති කරුණු වල නිරවද්‍යයතාවය, සත්‍යතාවය හෝ භාශාමය ගැටළු ඇත්නම්, එය නැවතත් ඔබ වෙත යොමු කරනු ඇත.

අවසානයේ ලිපිය අපගේ ප්‍රමිතියට සහ ගුණාත්මක බවට අනුකූල වන තුරු ඉහත review ක්‍රියාවලිය සිදු වනු ඇති අතර, ඉන් පසුව එම ලිපිය අපගේ media platform එක තුළ publish කිරීමට කටයුතු කෙරෙනවා.

වෙනත් වෙබ් අඩවියකින් copy කරන ලද articles අප වෙබ් අඩවියේ publish කරන්නට කටයුතු නොකරන නිසා copy කරන ලද articles review කිරීමේදී ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බැවින් ඒ වෙනුවට පහත සඳහන් වෙබ්අඩවි අතුරින් එකකින් හෝ වෙනත් ඔබ කැමති news source එකකින් news තෝරා ගැනීමට කටයුතු කරන්න.

ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි translation එක කරලා article එකේ අන්තිමට ඒකට තොරතුරු ගත්ත source links ටිකත් දාන එක. Editorial review process එක ආරම්භ කරන්න නම් අනිවාර්යයෙන්ම මේ source links ටික ලිපියේ අන්තිමට දාන්න ඕනි.

අපගේ වෙබ් අඩවියේ ලිපියක් Publish කිරීම සඳහා මාර්ගෝපදේශය

ඔබගේ ලිපියේ වචන 200 ට නොඅඩු සහ 2000 ට නොවැඩි විය යුතුය.

Category – Apps, E – Money, Tips, Security, Tutorials, Social Media, Education, Internet, SEO, Gaming, Microsoft, Android, Technology, Apple, Computing, Google, News, Exclusives සහ Software.

වෙනත් වෙබ් අඩවියකින් copy කරන ලද articles අප වෙබ් අඩවියේ publish කරන්නට කටයුතු නොකරන නිසා ඔයාගේම article එකක් ලියන්න සෑම විටම උත්සාහ ගන්න.

කතුවරයා ඔහුගේ නම, තනතුර සඳහන් කළ යුතු අතර ලිපි සමඟ විශේෂාංගගත කිරීමට වචන 150ක කෙටි විස්තරයක් සැපයිය යුතුය.

කතුවරුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි සඳහා TEC ROOM අපි වගකියනු නොලැබෙන අතර ලිපියේ අන්තර්ගතය සහ හිමිකාරිත්වය සඳහා කතුවරුන් වගකිව යුතුය.

සියලුම ලිපි ඊමේල් හරහා එවිය යුතුය.

ලිපියක් ඉදිරිපත් කිරීමට, කරුණාකර ඔබේ ලිපිය (MS Word සහ PDF ආකෘති දෙකෙන්ම), සහ කතුවරයා පිළිබඳ වචන 150 – 200 හැඳින්වීමක් සහ කතුවරයාගේ පැහැදිලි ඡායාරූපයක් JPG එකක් ලෙස වෙනම attachment එකක් ලෙස, [email protected] වෙත එවන්න.

tecroom

About Us

TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala. The main purpose of the website is to bring the latest tech news, tech tutorials in the Sinhala language and respect user contributions by letting anyone contribute and update the latest news, In the same manner, anyone with access to the website can read news and get the latest updates via the official website.

© Copyright 2024 TEC ROOM. All Rights Reserved. Made with in Sri Lanka.