WhatsApp සමාගම විසින් පසුගිය වර්ෂයේ ලොව පුරා සිටින WhatsApp පරිශීලකයන් සඳහා වඩාත් ඉක්මනින් නව පහසුකම් කිහිපයක් ලබා දීමට කටයුතු කෙරූහ. එම පහසුකම් යටතේ WhatsApp Community පහසුකම, WhatsApp හරහා 2GB Large Documents sharing පහසුකම, Video Call සඳහා එකවර පරිශීලකයන් 32ක් සඳහා සහභාගී වීමේ හැකියාව හා තවත් බොහෝ අවදානයට ලක්වූ යම් යම් යාවත්කාලීන කිරීම් ඉතාමත් ඉක්මනින් ලබා දීමට කටයුතු කළ බව ඔබ දැනටමත් දැනුවත්ව ඇති.
කෙසේ නමුදු පසුගිය වර්ෂයේ ජූලි 13 දින WABetaInfo වෙබ් අඩවිය මගින් වාර්ථා කරන ලද ලිපියක් සමගින් WhatsApp Status සඳහා Voice Note ලබා දීමේ හැකියාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරමින් සිටින බව වාර්ථා වූ අතර එය ක්‍රමයෙන් Android සහ IOS දුරකථන සඳහා ලබා දීමට කටයුතු කරන බව වාර්ථා විය.
ඉහත දක්වා ඇති පරිදි Voice status පහසුකම මේ වන විට භාවිතා කළ හැකි අතර ඔබට තප්පර 30 කාලයක් තුල Voice note එකක් Record කර ගැනීමට හැකියාව ලබා දී ඇත, එය ඔබට Send කිරීමට පෙර නැවත එය ඇසීමේ හැකියාව සහ Discard කිරීමේ හැකියාවද ඔබට මේ හරහා ලැබී තිබේ.
WhatsApp ආයතනය සඳහන් කරන පරිදි end-to-end encrypted පහසුකම ලබා දෙන අතර මෙය සාමාන්‍ය Photo සහ Video status ක්‍රියා කරන ආකාරයටම පවතියි. මෙය පැය 24 ක් තුලදී සාමාන්‍ය Status එකක් ලෙසින්ම ඉවත් වී යන අතර ඔබ කැමති ආකාරකින් ඔබගේ Status privacy settings සකසා ගැනීමටද හැකියාව තිබෙනවා.
මෙය තව දුරටත් සංවර්ධනය වෙමින් පවතින පහසුකමක් ලෙසින් හඳුනා ගත හැකි නමුදු පසුගිය දින WABetaInfo වෙබ් අඩවිය මඟින් Twitter පණිවිඩයත් සමගින් ස්ථීර වශයෙන්ම WhatsApp Status සඳහා voice note පහසුකම පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කළ බව සදහන් වූ අතරම එය තෝරාගත් WhatsApp Beta පරිශීලකය්න් පිරිසක් අතර පමණක් දැක ගැනීමට හැකි බවත් එය ඉදිරියේදී අනෙක් පිරිස් සඳහාද ලබා ගැනීමට හැකියාව පවතීන බවත් සදහන් කෙරුණි.
Source: WABetaInfo, Android Police, TechNews.LK