ඉකුත් ජනවාරි මාසයේ 6 වැනි දින US Capitol Building එකට කඩා වැදුනු පිරිස්, දේශප්‍රේමීන් ලෙස සිය සමාජ මාධ්‍ය තුළ හැදින්වීම සහ යම් යම් ප්රඡන්ඩකාරී අදහස් සමාජ ගත කිරීම හේතුවෙන් හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump ගේ Twitter ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අත්හිටුවීමට එම ආයතන කටයුතු කරනු ලැබුවා.
Donald Trump ඉකුත් බදාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ TRUTH Social සමාජ මාධ්‍ය වේදිකාවේ Beta සංස්කරණයක් ලබන නොවැම්බර් මාසයේ නිකුත් කිරීම සදහා ආරාධිත පරිශීලකයන් සදහා දැනටමත් TRUTH Social සමාජ මාධ්‍ය වේදිකාව විවෘතව ඇති බවයි.
මෙම TRUTH Social සමාජ මාධ්‍ය ජාලයේ UI (User Interface) එක දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව බෙහෙවින් Twitter සමාජ මාධ්‍ය ජාලයේ User Interface එකට සමාන වන අතර TRUTH Social නිළ වෙබ් අඩවිය හරහා පරිශීලකයන් පෙර ලියාපදිංචී කරගැනීමේ ව්‍යාපාරයක්ද සිදුවනවා. තවද මෙම TRUTH Social App එක Apple iPhone පරිශීලකයින්ට Apple App Store හරහා Download කර ගැනීමේ හැකියාවද පවතිනවා.