Motion Capture තාක්ෂණය යනු නළුවෙකුගේ performance වල සම්පූර්ණ හෝ කොටසක් capture කර ගැනීමේ අති නවීන ක්‍රමයක් වන අතර එමඟින් screen එක මත පරිගණකය මගින් generate කරන ලද 3D චරිතයක action එකකට පරිවර්තනය කළ හැකිය. නළුවාගේ නිවැරදි චලනයන් capture කරගෙන ඩිජිටල් චරිතයට ප්‍රතිනිර්මාණය කර ඇති නිසා, එය full-body digital make up එකක් ලෙස සිතිය හැකිය. මේ නිසා visual appearance එකේ creativity එකට සීමාවක් නොපවත්වන අතරම ඇදහිය නොහැකි තරම් සියුම් සහ ස්වභාවිකත්වය සහිත චරිත නිරූපණය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයින්ට ඉඩ සලසන සහයෝගී ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය Avatar, Lord of the Rings, World War Z වගේම ලංකාවේ නිර්මාණය කරනු ලැබු ගජමෑන් වැනි චිත්‍රපටවල අසාමාන්‍ය රංගනයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේදී ඉතා සාර්ථකව යොදාගෙන ඇත.
Motion Capture තාක්ෂණය භාවිතා කරන්නේ කුමක් සඳහාද?
විවිධ කර්මාන්තවල Motion Capture තාක්ෂණය භාවිතා වන අවස්ථා වලට ඇතුළත් වන්නේ:
- චිත්‍රපට සහ රූපවාහිනිය: මේවා Motion Capture තාක්ෂණය යොදාගන්නා වඩාත් ප්‍රසිද්ධ උදාහරණ වේ. එය බොහෝ විට pre-production ක්‍රියාවලියේදී පූර්ව දර්ශන වලදී භාවිතා වේ. Motion Capture තාක්ෂණය storyboards වලට ජීවයක් ගෙන ඒමට scene එකක් තුළ motion block කිරීමට සහ දෘශ්‍ය ප්‍රයෝග (VFX) සඳහා සූදානම් වීමට අධ්‍යක්ෂවරුන්ට උපකාර කරයි.
- වීඩියෝ ක්‍රීඩා: Motion Capture animation ක්‍රීඩා සංවර්ධකයින්ට ඔවුන්ගේ චරිත සඳහා motions වලින් විශාල library ගොඩනගා ගැනීමට ඉක්මන් හා ඵලදායී ක්රමයකි.
- සෞඛ්‍ය හා ක්‍රීඩා: තුවාල හඳුනා ගැනීමට සහ පුනරුත්ථාපනයට උපකාර කිරීමට Motion Capture තාක්ෂණය භාවිතා කරයි.
- යුධ කටයුතු: Virtual reality (VR) සමඟ ඒකාබද්ධව, Motion Capture තාක්ෂණය යොදාගැනීම මගින් පුහුණුව වැඩිදියුණු කළ හැකිය.
Motion Capture වර්ග
Motion Capture තාක්ෂණය භාවිතා කිරීමට විවිධ ක්‍රම හතරක් ඇත. එවානම්:
- Optical passive: මෙය වඩාත් නම්‍යශීලී සහ බහුලව භාවිතා වන ක්‍රමයයි. Optical passive වලදි retroreflective passive marker Motion Capture track කරගැනීමට අධෝරක්ත කැමරා භාවිතා කරයි.
- Optical active: LED Motion Capture markers ඒවායේ emit light විශේෂ කැමරා යොදාගෙන track කරගනි.
- Video/markerless: Markers වෙනුවට, මෙම තාක්ෂණය මෘදුකාංග මත රඳා පවතී.
- Inertial: Subject එක inertial sensors පැළඳ සිටී (IMUs ලෙසද හැඳින්වේ). මෙම sensors පරිගණකයකට හෝ ස්මාර්ට් උපාංගයකට wireless ආකාරයට data transmit කරයි. කැමරා භාවිතා කරන්නේ localisation tool එකක් ලෙස පමණි.
Motion Capture තාක්ෂණයේදී යොදාගන්නා ඇඳුම
Motion Capture ඇඳුම නිර්මාණය කර ඇත්තේ අපට හැකිතාක් performers ප්‍රධාන සන්ධිවලට ආසන්නව සලකුණු තැබීමට අවශ්‍ය වන කාරනය නිසා සමීපව ගැලපෙන ලෙසය. ඒවා විශේෂයෙන් මෙය මනසේ තබාගෙන නිර්මාණය කර ඇති අතර බොහෝ සැලසුම් පුනරාවර්තනවල ප්‍රතිඵලයක් ලෙස specialist material වලින් ඉදිකර ඇත. Hook velcro භාවිතයෙන් optical markers ඇඳුමට සවි කර ඇත. පසුව වර්ණ ගැන්වූ neoprene patches භාවිතයෙන් සලකුණු තවදුරටත් සුරක්ෂිත කරනු ඇත. මෙම පැල්ලම් ශරීරයේ අනෙකුත් කොටස් වලට හෝ වෙනත් නළුවන්ට මාරු වීම වළක්වන අතර තිරයේ සහ පසු නිෂ්පාදනයේ නළුවන් අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වේ.
රූගත කිරීම් කරන දවසේදී සෑම නළුවෙකුටම lycra ඇඳුමක්, සපත්තු, අත්වැසුම් සහ තොප්පියක් සපයනු ලැබේ. සියලුම ඒකාබද්ධ චලනයන් capture කර ගැනීම සහතික කිරීම සඳහා කාර්මික ශිල්පියෙකු නළුවාගේ strategic points මත reflective markers තබනු ඇත. Motion Capture කැමරා marker data ලබා ගනී, මේ data මගින් සියුම්ම චලනයන් පටිගත කර ඒවා චරිතයට පරිවර්තනය කළ හැකිය.
හිසමත සවිකළ කැමරාව (HMC)
සම්පූර්ණ performance capture හෝ face capture සඳහා, මුහුණේ ඉරියව් පටිගත කිරීමට හෝ performance එකක සංකීර්ණතා සම්පූර්ණයෙන් capture කර ගැනීමට, දෙබස් පටිගත කිරීමට HMC හෝ Head Mounted Camera භාවිත කළ හැක. HMC සතුව කැමරා 1 – 4 අතර ඇති අතර නිෂ්පාදනය සහ මාදිලිය වෙනස් විය හැක.
චිත්‍රාගාරය (Studio)
Capture space එක ‘Volume’ ලෙස හැඳින්වේ. මෙය අත්‍යවශ්‍යයෙන්ම studio stage එකක් වන අතර එහි ආසන්න වශයෙන් Motion Capture කැමරා 60 ක් පමණ සවි කර ඇති අතර එමඟින් performance වල සෑම විස්තරයක්ම capture කර එය real-time character avatar එකකට translate කරයි. Green screen වැඩ වලදී මෙන්, essential props හෝ physical mock-ups වලින් නියෝජනය වන දර්ශන සමඟ volume එක හැකි තරම් හිස් වනු ඇත. ඉන්පසු බිම tape එකකින් grid එකකට බෙදා ඇති අතර බිමෙහි සලකුණු කර ඇති visible position reference points ඇත.
පළපුරුදු වෘත්තිකයන්ට පවා එය හුරු නැතිනම්, Motion Capture තාක්ෂණය යොදාගෙන රූගත කිරීම බොහෝ විට අමුතු හෝ අසාමාන්‍ය ලෙස දැනිය හැක. බොහෝ නළුවන් සහ අධ්යක්ෂවරුන් විශාල කට්ටල සහ complicated props සමඟ වැඩ කිරීමට පුරුදු වී සිටිති. Motion Capture හි අවම ස්වභාවය සාම්ප්‍රදායික චිත්‍රපට ක්‍රමවලට වඩා විශාල වෙනසක් ඇති කරයි.
කෙසේ වෙතත් පෙනුම සෑම දෙයක්ම නොවන අතර, සම්ප්‍රදායික කට්ටලයක් ලෙස නොපෙනුනද, Motion Capture හි දර්ශන බොහෝ දුරට සාම්ප්‍රදායික රූගත කිරීම් වලදී මෙන් සිදු කළ හැකිය. Motion Capture වල වාසියක් වන්නේ කැමරා සෑම කෝණයකින්ම ග්‍රහණය කර ගැනීම නිසා දර්ශන සම්පූර්ණයෙන්ම රූගත කිරීමේ හැකියාවයි. මෙය වෙනත් කෝණ සඳහා හැරවීමට සහ නැවත සැකසීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමේ අමතර ප්‍රතිලාභයක් ලබා දෙයි.
Motion Capture Animation වල ඉතිහාසය
1878: ඉංග්‍රීසි ඡායාරූප ශිල්පී Eadweard Muybridge විසින් The Horse in Motion නමින් ඡායාරූප පෙළක් සාදන ලදී. අශ්වයෙකුගේ වේගවත් චලනය පිළිබඳ මෙම පින්තූර chronophotography හි පළමු උදාහරණ වන අතර, එය චලන පින්තූර සංවර්ධනයේ වැදගත් අංගයක් විය.
1915: Betty Boop කාටූන් නිර්මාණය කිරීමට ගිය ඇමරිකානු සජීවිකරණ ශිල්පියෙකු වන Max Fleischer, rotoscoping නිර්මාණය කළේය. සජීවී ක්‍රියාදාම චිත්‍රපට රූප රාමු මත පින්තාරු කිරීම මගින් චරිත චලනයට යථාර්ථවාදය එක් කිරීමට මෙම සජීවිකරණ ක්‍රමය භාවිතා කරන ලදී.
1939: Walt Disney Studios හි Snow White and Seven Dwarves rotoscope භාවිතා කළ පළමු චිත්‍රපටය බවට පත් විය.
1959: ඇමරිකානු සජීවිකරණ ශිල්පියෙකු වන Lee Harrison III විසින් potentiometers නම් adjustable resistors වලින් පෙළගස්වා ඇති ශරීර ඇඳුමක් නිර්මාණය කරන ලද අතර එමඟින් නළුවන්ගේ චලනයන් පටිගත කිරීමට සහ සජීවිකරණය කිරීමට ඔහුට හැකි විය. මෙය real-time Motion Capture තාක්ෂණය යොදාගත් පළමු උදාහරණයි.
1980s: සජීවිකරණ ශිල්පීන් active markers සහිත ශරීර ඇඳුම්ව යොදාගෙන චිත්‍රපට නළු නිළියන් රූගත කිරීමට විශාල කැමරා භාවිතා කළහ.
1999: Star Wars: Episode 1 – The Phantom Menace නිකුත් කරන ලදී, එහි චිත්‍රපටයක සම්පූර්ණ පරිගණක-උත්පාදනය (fully-computer-generated) කරන ලද පළමු සහය චරිතය ඇතුළත් වේ. (Jar Jar Binks, Ahmed Best විසින් ඉටු කරන ලදී.)
2002: අද අප දන්නා පරිදි Motion Capture තාක්ෂණය The Lord of the Rings: The Two Towers චිත්‍රපටයේ භාවිතා විය. Andy Serkis, Gollum ලෙස, Motion Capture ඇඳුමක් ඇඳ සිටි අතර, ඔහුගේ චලනයන් සහ මුහුණේ ඉරියව් පටිගත කරන ලද විශේෂ කැමරාවලින්.
2004: ඇමරිකානු අධ්‍යක්ෂක Robert Zemeckis ගේ The Polar Express සම්පූර්ණයෙන්ම Motion Capture තාක්ෂණය භාවිතයෙන් රූගත කළ පළමු ප්‍රධාන චිත්‍රපටවලින් එකක් බවට පත් විය.
2009: කැනේඩියානු චිත්‍රපට නිෂ්පාදක James Camerons ගේ Avatar චිත්‍රපටයේ Motion Capture තාක්ෂණය නව තලයකට ගෙන යාමට නව virtual කැමරා පද්ධතියක් භාවිතා කරයි.