ඔබේ Instagram bio එකට දැන් links පහක් දක්වා ඇතුළත් කළ හැකි බව Meta සමාගමේ ප්රධාන විධායක Mark Zuckerberg පසුගිය අඟහරුවාදා ඔහුගේ Instagram channel එකේ සටහනක් පලකර තිබුණි. “සමහරවිට අප සතුව තිබූ වඩාත් දෙනෙක් ඉල්ලූ විශේෂාංගවලින් එකක් විය හැකිය,” යනුවෙන් ඔහු එහි දක්වා තිබුණා.
ඔබට mobile app එක තුළ ඔබේ profile එක edit කිරීමෙන් links එක් කළ හැකිය, එහිදී ඔබට ඒවාට titles ලබා දීමට සහ ඒවා දිස්වන ආකාරය නැවත reorder කිරීමට හැකිය. කෙසේ වෙතත්, ඔබ link එකකට වඩා එකතු කර ඇත්නම්, ඔබේ profile එකට පිවිසෙන ඕනෑම කෙනෙකුට එම links list එක බැලීමට “[Your first link] and 1 other” යන message එක මත click කිරීමට සිදුවේ. එනම්, ඔබට links එකකට වඩා තිබේ නම්, ඔබට ඔබගේ Instagram profile එකේ විශේෂාංගගත කිරීමට හෝ දැනටමත් Linktree වැනි “Link in bio” සේවාවක් භාවිතා කලත්, කුමක් වුවත් ඔබගේ links බැලීමට මිනිසුන්ට අමතර click කිරීමක් කිරීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත්, එය Instagram වෙත built කර ඇති වඩාත් පහසු අංගයක් වන අතර Elon Musk විසින් Twitter මිලදී ගැනීමෙන් පසුව අලුත් platform එකක් හොයන පුද්ගලයින්ට platform එක වඩාත් ආකර්ශනීය කළ හැකි එකකි. Meta සමාගම ද Twitter විසින් පවත්වාගෙන යනු ලබන paid verification එක ද ආරම්භ කිරීමට පෙළඹී ඇති බව පෙනේ, නමුත් අවම වශයෙන් Meta සමාගමේ version එක Twitter Blue වෙනුවට customer support සඳහා direct access වැනි ප්රතිලාභ ලබා දෙයි.
Source: The Verge, Tech Crunch