මුලින්ම කියන්න ඕනා මන් trading expert කෙනෙක් හරි financial advisor කෙනෙක් හරි නෙමේ. මන් මේ කියන්නේ මගේ personal experience (2 years+) සහ personal ideas. ඉතින් මේකෙන් ගන්න දෙයක් තියෙනවනම් ගන්න. වැරදි තියෙනවනම් නිවැරදි කරන්න. මේ කොටසින් කතා කරමු අපි trading platforms ටිකක් ගැන පොඩි පොඩි දේවල්.
මුලින් ම කතා කරමු Binance ගැන, මේක දැනට ලෝකෙ තියෙන ලොකුම Crypto exchange එකක්, Crypto wallet එකක් සහ Crypto Trading Platform එකක්. මේ Platform එකේදී අපිට ගොඩක් options තියෙනවා. අපි මුලින් ඒවා ගැන කෙටියෙන් කතා කරමු..
- P2P – මේ option එකේදි අපිට පුලුවන් අපි ළග තියෙන Cryptocurrencies වෙනත් Country එකක currency එකකට (ex – ලංකාවේ අපිට පුලුවන් අපි ගාව තියෙන usd/btc/eth… වගේ currencies අවශ්‍ය කෙනෙක්ට LKR වලට sell කරන්න.)
- Spot Trading – Trading වලට අලුත් කෙනෙක් මුලින්ම යන්න ඕනා කියල මන් Personally Recommend කරන Optiona එක මේක. මේ Option එකේදි වෙන්නේ හොද Research එකකට පස්සේ අපි තීරණය කරන Crypto Coin එකක් Buy කරලා ඒක Long term hold කරගෙන ඒකෙ price එක වැඩි උන දවසක ඒක Sell කරලා Profit එකක් හොයන එක.. ඇත්තටම මේ Option එකේදි අපි Buy කරන Coin එක ගැන හොද Background Research එකක් කරන්න ඕනා. මෙක සම්බන්ධ Projects මොනවද ඒ Projects ඉදිරියේදි සාර්තක වෙයිද? මේ වගේ facts ගොඩක් බලලා Technically analyze කරලා තමා අපි මේ Option එක Use කරන්න ඕනා. මේක Risk එක සාපේක්ෂව අඩු option එකක්.
- Future Trading – මේකේ නම වගේම ඇත්තටම වෙන්නේ අනාගතේදී අපි select කරගත්ත Coin එකක Price එක අඩු වෙයිද වැඩි වෙයි ද කියලා Predict කරලා Trade කරන එක. මේ ගැන මගේ කලිම් Post එකේදි කතා කරා.. මේ Option එකේදි leverage කියලා තව option එකක් අපිට ලැබෙනවා. මේකෙදි වෙන්නේ අපි coin එකක price එක වැවි වෙනවා කියලා predict කරලා Trade එකකට $100ක් දාලා leverage එක 20x වලට set කරොත් මේ coin එකේ price එක 1% කින් up උනොත් අපිට 20% (20×1% = 20%) Profit එකක් ලැබෙනවා. ඒ වගේම තමා loss වෙද්දිත්… මේ ඇත්තටම High risk high profit category එකේ Option එකක්. මේකට එන්න කලිම් Technical Analyze and Fundamental Analyze ගැන හොදට Study කරලා ඉන්න වෙනවා.
- Investing – මේකත් Binance paltform එකේදි අපිට ලැබෙන risk එක ටිකක් අඩු option එකක්. මේක ඇත්තටම Fixed Deposit එකක් වගේ. අපි ලග තියෙන Cryptocurrency එකක් අපිට පුලුවන් මේ FD එකට දාන්න. ඒකට එයලා එ Coin එකෙන්ම Interest එකක් දෙනවා අපිට.
මේ තමා Binance වල තියෙන Basic earning methods වලින් කිහිපයක්. Next post එකේදි Deriv සහ XM කියන platforms and brokers ලා ගැන කතා කරමු.
Part 3 ඕනා අය Comment එකක් දාන්න…
Written by: Chathura