ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බඳවා ගැනීමේ තාක්ෂණික වේදිකාව (recruitment technology platform) වන XpressJobs, මෙරට ප්‍රථම AI-බලගැන්වූ බඳවා ගැනීමේ සහයකයා නිල වශයෙන් දියත් කර තිබෙනවා. මෙය, ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන messaging යෙදුම වන WhatsApp හරහා සියලුම කර්මාන්ත හා වයස් කාණ්ඩවල රැකියා අපේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙනවා.
ශ්‍රී ලංකාවේ මිලියන 12 කට අධික WhatsApp පරිශීලකයන් සිටින අතර, එය රටේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක්. මෙම මෙවලම මගින් බඳවා ගන්නන්ට (recruiters) ඉතා හුරුපුරුදු සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයකින් අපේක්ෂකයින් වෙත පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබා දෙනවා. මෙය කලාපයේ බඳවා ගැනීමේ තාක්ෂණයේ (recruitment technology) ඉදිරි පියවරක් ලෙස සනිටුහන් කළ හැකියි.
නව AI සහයකයා, XpressJobs database එකේ සිටින පෙර-ගැළපුණු අපේක්ෂකයින් සමඟ WhatsApp හරහා සම්බන්ධ වී, real-time conversations ආරම්භ කරනවා. එය ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර, job opportunities පැහැදිලි කරනවා. එකවර conversations දහස් ගණනක් කළමනාකරණය කිරීමේ හැකියාව ඇති මෙය, සමාගම්වලට ළඟා වීම සහ අපේක්ෂක අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහය දෙනවා.

“අපි බඳවා ගන්නන්ට ස්වයංක්‍රීයව දහස් ගණනක් personalised conversations පැවැත්වීමට ඉඩ සලසන tool එකක් ගොඩනඟා තිබෙනවා,” යනුවෙන් XpressJobs හි Chief Operations Officer (COO) ආචාර්ය ඕෂදී කෝරාළ මහත්මිය පැවසුවාය. “WhatsApp භාවිතා කිරීමෙන්, අපි අපේක්ෂකයින් දිනපතා භාවිතා කරන platform සමඟ සම්බන්ධ වනවා.”
මෙම නව AI සහයකයා භාවිතා කරමින් ප්‍රථම official campaign එක John Keells Retail Sector සමඟ සහයෝගයෙන් පවත්වන ලදී.
“මෙම නව්‍ය විසඳුම අනුගමනය කළ පළමු සේවාදායකයා වන්නේ John Keells Retail Sector බව ප්‍රකාශ කිරීමට අපි ආඩම්බර වෙනවා,” යනුවෙන් John Keells හි Head of Human Resources අරුනජීත් නන්දන මහතා පැවසීය. මෙම campaign එක ඉතා සාර්ථක වූ බවත්, අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් platform එක හරහා අයදුම් කළ බවත් ඔහු පැවසුවා. AI සහයකයා අපේක්ෂක විමසීම් විශාල ප්‍රමාණයක් කාර්යක්ෂමව හසුරුවා, 24/7 සහය නාලිකාවක් ලෙස සේවය කළේය.
මෙම campaign එක 85% කට වඩා වැඩි interaction rate එකක් ලබා ගත් අතර, එය සාම්ප්‍රදායික outreach methods වලට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටියා.

XpressJobs ද, වසර අටකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම CV-less application system එක එම සේවාදායකයා සඳහා ගොඩනැගූ ආකාරයටම, John Keells සමඟ මෙම AI prototype එක දියත් කිරීමේ විශේෂ වැදගත්කම සටහන් කළා.
XpressJobs ඉදිරි මාසවලදී AI-powered interview scheduling සිය Applicant Tracking System (ATS) එකට integrate කිරීමෙන් AI offering තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කරනවා.
ප්‍රධාන කරුණු
- AI chatbot එක WhatsApp හරහා සියලුම කර්මාන්තවල හා පළපුරුදු මට්ටම්වල job seekers රැකියා අපේක්ෂකයින් සමඟ සම්බන්ධ වේ.
- WhatsApp භාවිතාකරන ශ්‍රී ලංකාවේ මිලියන 12 කට අධික පරිශීලකයන් සිටින අතර, එය ශක්තිමත් candidate reach එකක් සපයයි.
- Pilot campaigns වලදී 85%+ interaction rates ලබා ගෙන ඇත.
- ප්රමුඛ පෙළේ සමාගම් විසින් දැනටමත් අනුගමනය කර ඇති අතර, තවත් සේවාදායකයින් වේගයෙන් සම්බන්ධ වෙමින් සිටී.