Apple සමාගම විසින් iPhone 14 නව ජංගම දුරකථන මාදිලිය එළිදැක්වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි. සාමාන්‍යයෙන් මෙය සැප්තැම්බර් මාසයේදී පවත්වන අතර නව ජංගම දුරකථන මාදිලිය එළිදැක්වීමට තවත් මාස ගණනක් ඉතිරි වී තිබියදීත්, අපට දැනටමත් කටකතා ඇසෙමින් පවතින අතර ඉදිරි පෙළගැස්ම වටා කැරකෙන leaks කිහිපයක් හඳුනාගෙන ඇත.
උදාහරණයක් ලෙස, Apple සමාගම විසින් Mini variant එක ඉවත් කර iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro, සහ iPhone 14 Pro Max වැනි නව එකතුවකට යා හැකි බව අපි දැනටමත් දනිමු. මීට අමතරව, Apple iPhone 14 හි Pro ප්රභේදවල pill/hole-punch design සඳහා යාමට ඉහළ සම්භාවිතාවක් ඇත. මීට පෙර නිකුත් වූ වාර්තාවකට අනුව iPhone 14හි Front Camera සඳහා Android ජංගම දුරකථනවල ඇති Front Camera පහසුකම් ලබා දීමට සූදානම් වන බවට වාර්තාවේ.
විශ්වාසනීය විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් iPhone 14 Series වල Front Camera පිළිබඳ නව තොරතුරු කිහිපයක් බෙදාගෙන ඇත. ඔහු විශ්වාස කරන්නේ Apple මාදිලි හතරම fixed focus වෙතින් auto focus වෙත මාරු වනු ඇති බවයි.
The front camera of four new iPhone 14 models in 2H22 would likely upgrade to AF (autofocus) & about f/1.9 aperture (vs. iPhone 13’s FF (fixed-focus) and f/2.2). AF support and a lower f-number can provide a better shallow depth-of-field effect for selfie/portrait mode. In addition, AF can also enhance the focus effect for FaceTime/video call/live streaming.
Ming-Chi Kuo විශ්වාස කරන්නේ මෙම වැඩිදියුණු කිරීම් FaceTime සහ අනෙකුත් වීඩියෝ ඇමතුම්වල ගුණාත්මකභාවය ඉහළ නංවනු ඇති බවයි. මෑත වසරවලදී අපගේ ලෝකය වඩාත් ඩිජිටල් වී ඇති බව සලකන විට, සමහර පරිශීලකයින් work meetings සහ classes සඳහා යැපෙන දේවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම Apple සඳහා අර්ථවත් වනු ඇත. මෙම iPhone කටකතා සත්‍ය නම්, Android දුරකථන නිෂ්පාදකයින් ද එය අනුගමනය කරනු ඇත. එයට හේතුව Apple මෙම ක්ෂේත්රයේ trends push කිරීමට නැඹුරු වන අතර බොහෝ දුරකථන තවමත් front camera සඳහා auto focus කිරීම වෙනුවට fixed focus සඳහා settle වීමයි.
Source: XDA Developers