ChatGPT සහ Google Bard වැනි ප්‍රබල AI chatbots විශාල language models මගින් බල ගැන්වෙන අතර, මේ සියල්ල ජනප්‍රිය Generative AI අත්දැකීමේ කොටසකි. මෙම ලිපියෙන් අපි හොඳම AI video generators දෙස සමීපව බලමු. මේ වන විට, text-to-video AI models කිහිපයක් පමණක් internet එකට නිකුත් කර ඇත, නමුත් හොඳ සහ භාවිතා කළ හැකි ඒවා මොනවාද? ඒ ගැන දැනගන්න, 2023 වසරේ හොඳම AI video generators list එක පරීක්ෂා කර බලමු.
1. Runway Gen-2
ඔබට දැන් භාවිතා කළ හැකි හොඳම AI video generator එක Runway Gen-2 වේ. මීට පෙර, තිබු Runway Gen-1 සමඟ video-to-video generation හඳුන්වා දී ඇති අතර, දැන් Runway Gen-2 model සමඟ, ඔබට මුල සිටම text prompts භාවිතයෙන් video generate කළ හැකිය. Midjourney prompts වලට සමානව, ඔබට scene, camera angles ආදිය විස්තර කළ හැකි අතර, එය ඇදහිය නොහැකි ප්‍රතිඵල ලබා දෙයි.
හොඳම කොටස නම් ඔබට ඔබේ prompt එකට image එක් කළ හැකි අතර Runway එකට video එකේ image භාවිතා කළ හැකිය. ඒක හරි අපූරුයි නේද? මෙය නොමිලේ භාවිතා කිරීමට හැකිවීම තවත් විශේෂත්වයක්. ඔබට 720p resolution එකකින් තත්පර 4ක් දක්වා video generate කළ හැකි අතර ඔබට නොමිලේ video 10ක් පමණ create කළ හැක.
ඔබ paid plan (මසකට $12) ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබට video 4K resolution සහිතව export කළ හැක. කෙසේ වෙතත්, තත්පර 4 duration එක එලෙසම පවතිනු ඇත. එබැවින් ඔබට හොඳම text-to-video AI tool උත්සාහ කිරීමට අවශ්‍ය නම්, Runway Gen-2 පරීක්ෂා කරන්න.
Runway Gen-2 පරීක්ෂා කරන්න (නොමිලේ, Paid plan මසකට ඩොලර් 12 කින් ආරම්භ වේ)
2. ModelScope
ModelScope යනු Alibaba’s DAMO Vision Intelligence Lab මගින් fund එකක් සපයන text-to-video model එකක් වන අතර එය කාලයත් සමඟ ඉතා හොඳ මට්ටමකට පැමිණ ඇත. එය Diffusion model මත ගොඩනගා ඇති අතර parameters බිලියන 1.7 ක් මත පුහුණු කර ඇත. දැනට, එය English input සදහා පමණක් සහය දක්වන අතර text input එකට ගැළපෙන video generate කළ හැක.
මේ AI tool එකට generate කළ හැක්කේ තත්පර 2 ක video පමණක් වන අතර generate කරනු ලබන video එකෙහි “Shutterstock” watermark එකක් ඇතුලත් වේ.
ModelScope පරීක්ෂා කරන්න (නොමිලේ)
3. Zeroscope
Zeroscope යනු ModelScope වෙතින් ලබාගත් තවත් text-to-video model එකකි. එය 1024 x 576 resolution එකකින් high-quality AI video නිර්මාණය කිරීමේ හැකියාව ඇත. Frames 24 (1024 x 576 resolution) වලදී clips 9,923 සහ tagged frames 29,769 ට අමතරව ModeScope වෙතින් original weight මත model එක පුහුණු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එය ModelScope වලට වඩා තරමක් හොඳ output එකක් create කරයි.
Zeroscope හි ආකෘති දෙකක් තිබේ. එවානම්, zeroscope_v2_576w සහ zeroscope_v2_XL වේ. Video generate කිරීම සඳහා zeroscope_v2_576w model භාවිතා කරන අතර higher resolution සහිතව generate කරන ලද content upscale කිරීමට zeroscope_v2_XL භාවිතා කරයි.
Zeroscope පරීක්ෂා කරන්න (නොමිලේ)
4. VideoCrafter
VideoCrafter යනු text prompts වලින් video generate කිරීමට හැකි AI toolkit එකක් වන අතර එය Tencent විසින් වැඩි දියුණු කර ඇත. අනෙකුත් AI video generation models මෙන් නොව, එය තත්පර 8 ක් දක්වා video create කළ හැකි අතර විවිධ resolutions සඳහා ද සහය දක්වයි.
VideoCrafter භාවිතා කිරීමට විවිධ ක්‍රම තුනක් ඇත. ඔබට text-to-video generation, LoRA භාවිතයෙන් personalized කළ AI video generation සහ controllable video generation භාවිත කළ හැක. මෙම modes තුනම මුල සිටම AI video create කිරීමට ඔබට ඉඩ සලසයි. ඔබට අවම වශයෙන් 7GB VRAM සහිත ප්‍රබල GPU එකක් තිබේ නම් ඔබට ඔබේ machine එකට locally VideoCrafter run කළ හැක.
VideoCrafter පරීක්ෂා කරන්න (නොමිලේ)
5. Synthesia
Synthesia යනු ඔබට මිනිත්තු කිහිපයක් ඇතුළත professional AI video create කිරීමට භාවිතා කළ හැකි AI tool එකකි. ඔබට tutorials, video documentation, presentation, sales pitch සහ තවත් බොහෝ දේ create කිරීමට එය භාවිතා කළ හැකිය. ඒ අර්ථයෙන් ගත් කල, එය යමක් නිර්මාණය කිරීමට ඔබේ text prompt භාවිතා කළ හැකි AI video generator එකක් නොවේ. Synthesia හි, ඔබට විවිධ AI avatars 140 කට වඩා තෝරා ගත හැකි අතර ඕනෑම text එකක් භාෂා 120 කට වඩා වැඩි ගණනකින් speech එකක් බවට පත් කළ හැක.
මූලික වශයෙන්, ඔබට professional videos create කිරීමට studio එකක් build කිරීමට සහ මිල අධික hardware මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. Synthesia හි AI character සහ built-in text-to-speech tool සමඟින්, ඔබට ඉක්මනින් content සෑදීම ආරම්භ කළ හැක. ඔබ කළ යුත්තේ video script එක ඇතුළත් කිරීම පමණයි.
ඉතින් ඔබ තවත් බලා සිටින්නේ කුමක් සඳහාද? ඉදිරියට ගොස් නියම AI video create කිරීමට Synthesia උත්සාහ කරන්න. ඔබ Synthesia සඳහා alternative එකක් සොයන්නේ නම්, ඔබට HeyGen සහ Pictory පරීක්ෂා කළ හැක.
Synthesia පරීක්ෂා කරන්න (එක් නොමිලේ video එකක්, Paid plan මසකට ඩොලර් 22.50 කින් ආරම්භ වේ)
6. Kaiber
Kaiber යනු AI video generator එකක් නොවේ, නමුත් එයට විවිධ art forms ආකාරවලින් animations generate කළ හැකිය. ඔබට text prompt එකක් ඇතුළත් කිරීමට, ඔබේම image එකක් upload කිරීමට හෝ song එකක් upload කිරීමට හැකි අතර, එයට සෑම දෙයක්ම ගෙන එහි advanced AI generation engine භාවිතා කර සිත් ඇදගන්නා animation එකක් create කළ හැකිය. ඔබට ඔබේ video upload කර විවිධ styles සහ aesthetics තුළ ඒවා transform කළ හැකිය.
කෙසේ වෙතත්, app එක සම්පූර්ණයෙන්ම නොමිලේ නොවේ. ඔබට දින 7ක නොමිලේ අත්හදා බැලීමක් ලැබේ, නමුත් ඒ සඳහා ඔබට ඔබේ card විස්තර එකතු කර එහි $5 subscription plan එක subscribe කිරීමට සිදුවේ. සරලව කිවහොත්, Kaiber යනු AI tool එකක් වන අතර එය ඔබගේ images සහ videos උසස් visuals generate කිරීමට උත්සාහ කළ යුතුය.
Kaiber පරීක්ෂා කරන්න (දින 7ක නොමිලේ අත්හදා බැලීම, Paid plan මසකට $5කින් ආරම්භ වේ)
7. Wonder Studio
Wonder Studio යනු සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා video generation tool එකක් නොවේ, නමුත් එය චිත්‍රපට නිෂ්පාදකයින් සහ content creators ඉලක්ක කර ඇත. VFX manually යෙදීමෙන් තොරව computer-generated character එකක් live-action scene එකකට automatically animate කිරීමට එය ඔබට ඉඩ සලසයි. මූලික වශයෙන්, එය VFX සහ 3D වැඩ වලින් 80 – 90% automate කළ හැකි අතර, එය හොඳින් ක්‍රියා කරයි. සංකීර්ණ 3D software භාවිතා කිරීම හෝ මිල අධික hardware භාවිතා කිරීම අවශ්‍ය නොවේ.
Wonder Studio හට scenes වල සිටින actor automatically detect කරගෙන CG character frame අධික VFX වැඩක් නොමැතිව frame by frame යෙදිය හැක. ඉතින් ඔබ VFX වැඩ ගොඩක් ඉක්මනින් කරන්න අවශ්‍ය චිත්‍රපට නිෂ්පාදකයෙක් නම්, ඔබ Wonder Studio අත්හදා බලන්න.
Wonder Studio පරීක්ෂා කරන්න (Request Access)
8. Google Imagen Video සහ Phenaki
Google සිය text-to-image model එක මහජනතාවට නිකුත් කර නැත, නමුත් එය සමාගම වැඩ කරන models නිවේදනය කර ඇත. Cascaded Diffusion models මත පදනම්ව Imagen Video වැඩ කරයි. එය 24 fps දී 1280 x 768 resolution එකකින් high-definition video generate කළ හැකිය.
Text prompts වලින් realistic videos synthesize කළ හැකි text-to-video model එකක් වන Phenaki මතද Google කටයුතු කරයි. Models දෙකම සංවර්ධනය වෙමින් පවති. කෙසේ වෙතත්, ඔබට පහත link හරහා research papers කියවිය හැකිය.
Google Imagen Video සහ Penaki බලන්න
9. Meta’s Make-A-Video
ඊට අමතරව, Meta විසින් texts වලින් video generate කළ හැකි ඔවුන්ගේ Make-A-Video AI tool එක නිවේදනය කර ඇත. ඔබට text, images, හෝ video input භාවිතයෙන් realistic, surreal සහ personalized videos නිර්මාණය කළ හැක. Meta හි model එකට තනි image එකකින් motion videos නිර්මාණය කිරීමේ හැකියාව ඇත. ඔබට input ලෙස multiple images එකතු කළ හැකි අතර, dreamy videos create කිරීමට එය භාවිතා කලහැක.
Meta හි research paper එකට අනුව, ඔවුන්ගේ video generation model එක අනෙකුත් models වලට වඩා 3x වඩා හොඳ text input සහ හොඳ කාර්යක්ෂමතාවයක් ඇත. ව්‍යාපෘතිය නැවතත් මහජනයාට විවෘත නැත, නමුත් ඔබට ලියාපදිංචි වී Meta වෙතින් access ඉල්ලා සිටිය හැක.
Meta’s Make-A-Video පරීක්ෂා කරන්න
10. Nvidia’s Latent Disffusion Model
අවසාන වශයෙන්, Nvidia විසින් text prompts භාවිතයෙන් කාර්යක්ෂම high-resolution videos generate කළ හැකි එහි high-fidelity Video Latent Diffusion model එක නිවේදනය කර ඇත. එයට 24 fps හි 1280 x 2048 resolution එකකින් video generate කළ හැක. එහි බොහෝ videos වල දිග තත්පර 5ක් ඇත, නමුත් එයට 512 x 1024 resolution එකකින් මිනිත්තු 5ක දිගු videos generate කළ හැක. ඔබට image inputs එක් කිරීමට සහ personalized AI videos create කිරීමටද හැකිය.
Video synthesis space එකතුළ, අනාගතයේදී Nvidia ප්‍රධාන ක්‍රීඩකයන්ගෙන් එක් සමාගමක් ලෙස මතුවනු ඇතැයි වැටහේ. මේ අතර, Nvidia විසින් ඔවුන්ගේ website හි multiple video demos ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඔබට පහතින් පරීක්ෂා කළ හැක.