හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය හා ප්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ “ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ්‍රී ලංකාවේ තැනුණු ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය මේ වනවිටත් රට පුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
“ගජමෑන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරා ය. ත්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත්රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්ග් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.
මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍ර වූ අතිප්රබල ප්රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන “ගජමෑන්” ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ “Avatar” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ “ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද “Motion Capture” තාක්ෂණය යොදා ගනිමිනි.
“චලන ග්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම Motion Capture තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික්රමය වශයෙනි. මෙම Motion Capture ක්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප්‍රියදර්ශන සමග කසුනි, ප්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි. මෙහි හඬ රංගනයෙන් දායක වන ප්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය. ගජමෑන් චිත්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී ප්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.
තරුණ තරුණියන් අතර අතිශය ජනාදරයට පත්ව සිටින අනුශ්ක උදාන ප්රමුඛ වස්ති කණ්ඩායම ද මේ සඳහා තම නිර්මාණ දායකත්වය ලබා දී තිබේ. වස්ති මේ වන විට ලංකාවේ ජනප්‍රියම YouTube නිර්මාණකරුවන් කණ්ඩායමක් මෙන්ම දෙස් විදෙස් ප්‍රසංග වේදිකාවේ වැඩිම සංගීත ප්‍රසංග ප්‍රමාණයක් පවත්වන සංගීත කණ්ඩායමක් ද වේ.
එසේම ගජමෑන් සඳහා අනුශ්ක උදාන, සුනිල් පෙරේරා, සනුක වික්‍රමසිංහ, රිද්ම, දිනේෂ් ගමගේ, ෂියාම්, කල්පනා කාවින්දි, Kaizer Kaiz සහ Daddy සංගීත කණ්ඩායම ගායනයෙන් සහ සංගීතයෙන් දායක වී තිබේ. රු මිලියන 75 කට අධික වියදමක් දරා 2010 වසරේ නිෂ්පාදන කටයුතු සිදුකල මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකලේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.
ගජමෑන් කතාව ගැන කෙටියෙන්
‘ගජමෑන්’ යනු ගමේ ඉහළම දේශපාලනඥයා වන ‘මගෝඩිස් තුමා’ගේ දකුණත වන අතර, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධීකරණය කරමින්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධීකරණය කරමින්, අකුරට වැඩ කරන, තම ගමේ ජනප්‍රිය පුද්ගලයෙක් සහ ගම වටේ අල්ලස් පවා ගන්නවා.
ඇමරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය ලබන මාගෝඩිස් තුමාගේ සුරූපි දියණිය ‘පද්මාවතී’ වසර ගණනාවකට පසු තම හොඳම මිතුරිය වූ ‘ස්වීටි’ සමඟින් ගමට පැමිණීමට තීරණය කිරීමත් සමඟ ගජමෑන් ප්‍රේමයෙන් බැදෙයි. මෙය ආරම්භ වන්නේ මගෝඩිස් තුමා ගජමෑන්ට ගුවන් තොටුපලෙන් ඔවුන් රැගෙන යාමේ වැදගත් කාර්යය භාර දීමෙන් පසුවය. ඔහුට ඉංග්‍රීසි ගැන කිසිම අවබෝධයක් නැති අතර ඇගේ සිංහල තේරුම් ගැනීම ද ඔහුට තරමක් අපහසු විය. චිත්‍රපටිය ගලාගෙන යන්නේ ගජමෑන් ඇයව විශ්මයට පත් කරන්න දරන උත්සාහයත් එක්කයි. ගජමෑන් තම දියණිය වන පද්මාවතී කෙරෙහි ඇති ඇල්ම පිළිබඳ පුවත මගෝඩිස් තුමා වෙත වාර්තා වන අතර ඔහු එයින් කෝපයට පත් වේ.
රසිකයින්ට අනපේක්ෂිත සිදුවීම්වල හැරීමක් අත්විඳිය හැකි වනු ඇත, එය ගජමෑන්ට ඔහුගේ වාසනාව හැරවීමට සහ ඔහුගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලබා දෙයි.
මෙය ශ්‍රී ලාංකේය විශිෂ්ඨ කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාට කරන ලද දැවැන්ත උපහාරයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ වනවිටත් සිනමාශාලාවල තිරගත වෙන ගජමෑන් චිත්‍රපටය ඔබ නරඹා නැතිනම් අදම ඔබගේ ලගම සිනමා ශාලාවට ගොස් නරඹන්න කියලත් අපි ඔබට ආරාධනා කරනවා.