Google සමාගම ඔවුන්ගේ නවතම AI තාක්ෂණය, Gemini AI, Google Docs වෙත සම්බන්ධ කරමින් විශේෂිත පහසුකම් එක් කර තිබේ. මේ පහසුකම “Help me create” නමින් හඳුන්වා දී ඇති අතර, නව ලේඛන නිර්මාණය කිරීම සදහා AI සම්බන්ධකයක් ලෙස මෙය කටයුතු කරයි.
“@” සහ File Name එකේ භාවිතය
Google Workspace භාවිත කරන ඕනෑම ලේඛනයකින් “@” යතුර හා ලේඛනයේ නම type කිරීමෙන් AI-assisted ලේඛන නිර්මාණය කළ හැකිය. ඔබට අවශ්‍ය නිවැරදි tone එක සහ ස්වභාවය අනුව ලේඛනයක් සකස් කර ගත හැකි වේවි.
“@” භාවිතයෙන්, Google Workspace ලේඛන අතර link එකක් සෑදීමේ පහසුකමක් ද මේ AI එකෙන් ලබා දේ.
AI භාවිතයෙන් නිර්මාණය කළ හැකි ලේඛන
මෙම නව පහසුකම යටතේ AI උපකාරයෙන් පහත වගේ ලේඛන විශාල ප්‍රමාණයක් නිර්මාණය කළ හැකියි:
- විමසුම් (Proposals)
- ව්‍යාපෘති නිරීක්ෂණ ලේඛන (Project Trackers)
- විමර්ශන ලේඛන (Brainstorming Documents)
- බ්ලොග් ලිපි (Blog Posts)
- මාධ්‍ය නිවේදන (Press Releases)
- ව්‍යාපාරික රචනා (Campaign Briefs)
- ආහාර මෙනු (Dinner Party Menus)
- පවුලේ ප්රවෘත්ති පත්‍රිකා (Family Newsletters)
- නිවාඩු කාල සටහන් (Vacation Itineraries)
Google විසින් නිවේදනය කර ඇත්තේ, Gemini AI භාවිතයේදී ඔබේ audience, purpose සහ goals නිවැරදිව සඳහන් කිරීමෙන් AI එකේ නිමැවුම් තත්ත්වයෙන් හෝ වේගයෙන් ඉහළින්ම සකස් කළ හැකි බවයි. AI භාවිතයේදී විධාන සාමාන්‍ය AI prompting රීති වලට ගැළපෙන්නට වඩා ප්‍රායෝගික වේ.
මෙම Help me create පහසුකම දැනට Gemini for Google Workspace Alpha සහ Workspace Labs පරිශීලකයන්ට පමණක් සීමා වී ඇත. එහෙත්, අනෙක් පරිශීලකයන් වෙත මෙය පියවරෙන් පියවර ලබා දෙනු ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.
Source: Google Support, Android Central