සරල මෝස්තරයක් සහ real-time language translation එකක් සහිත Google AR Glass, දැන් Google විසින් real world test එකකට ලක් කරනු ඇත. laboratory test සඳහා බාධා ඇති බැවින් මෙම real world test එක අවශ්‍ය බව ඔවුන් කියා සිටින අතර real world test එකෙන් මෙම උපකරණ භාවිත කරන්නන්ට ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ප්රතිලාභ ලැබෙන ආකාරය පහසුවෙන් පෙන්නුම් කළ හැකිය.
Google AR Glass navigation, transcription සහ translation services සපයයි. මෙම glass එක ඇතුළත lens එකට අමතරව audio සහ visual equipment ලෙස camera එකක් සහ microphone එකක් ද දක්වයි.
මෙම cameras පරිවර්තනය සඳහා පමණක් භාවිතා වේ. එවා පින්තූර හෝ චිත්‍රපට රූගත කිරීමට සහාය නොදක්වයි. නිදසුනක් වශයෙන්, යමෙකු විදේශගත වී භාෂාව කතා නොකරන්නේ නම්, අවට සංඥා මත වචන අර්ථ නිරූපණය කිරීමට හෝ අවන්හලක් වෙත යාමට directions ලබා ගැනීමට කැමරාව භාවිතා කළ හැකිය.
Google ට අනුව, මෙම glasses භාවිතයෙන් session එක අවසන් වූ පසු සියලුම පින්තූර දත්ත විනාශ වනු ඇත. Google ට අනුව, මුහුණු සහ license plates සහිත පින්තූර මුලින්ම මකා දමනු ලැබේ.
Google හි Group Product Manager වන Juston Payne පවසන පරිදි, AR glass සඳහා small-scale test එකක් අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයේ ආරම්භ වනු ඇත.
Source: Gadgets 360, Extreme Tech