මුලින්ම කියන්න ඕනා මන් trading expert කෙනෙක් හරි financial advisor කෙනෙක් හරි නෙමේ. මන් මේ කියන්නේ මගේ personal experience (2 years+) සහ personal ideas. ඉතින් මේකෙන් ගන්න දෙයක් තියෙනවනම් ගන්න. වැරදි තියෙනවනම් නිවැරදි කරන්න.
Trading වලින් අපි කොහොමද සල්ලි හොයන්නේ?
උදාහරණයක් විදියට කොටස් වෙළදපොල ගත්තොත්, අපිට පුලුවන් එකේ ආයෝජන කරලා කොටස් අඩු මිලට අරගෙන ඒ කොටස් වල මිල වැඩි උනොත්, වැඩි මිලට විකුණලා ලාභයක් ලබන්න. මේක තමා stock trading වල සරලම විදිය.
ඉතින් මේ විදියටම තමා crypto and forex trading වලදිත් අපිට පුලුවන් cryptocurrencies සහ forex pairs වල මිල අඩුවට තියෙද්දි අරගෙන මිල වැඩි උනාම විකුනලා එකෙන් ලාභයක් ලබන්න පුලුවන්. මේ ක්රමේට කියන්නෙ Long/Buy කියලා. මේක කරන්නේ market එක up වෙයි කියලා predict කරලා.
තව method එකක් තියෙනවා short කියලා. මේකෙදි වෙන්නේ අපි ගාව නැති (ex-cryptocurrency) එකක් අපි ගාව තියෙනවා කියලා හිතාගෙන sell කරන එක. ඒ කියන්නේ හිතන්නකෝ අපි BTC (Bitcoin) එකේ මිල $30000 සිට $24000 වෙනකම් sell කරා කියලා, එතනදි අදහස් වෙන්නේ අපි BTC එක $24k වලදි buy කරලා $30k වලදි sell කරා කියන එක. පොඩ්ඩක් පැටලුනා නම් දෙපාරක් තුන්පාරක් හොදට කියවන්න එතකොට තේරෙයි. මේක කරන්නේ market එක down වෙයි කියලා predict කරලා.
Type කරන්න කම්මැයි… ඉදිරි posts වලින් කතා කරමු කොහොමද මේ මාර්කට් එක read කරන්නේ (සරලව කිව්වොත් up වෙනද down වෙනද කියලා හොයගන්න විදිය), Trading mindsets , Crypto vs Forex, Technical and Fundamental analysis , Retail and Smart Money Concepts, Trading platforms වගේ තවත් දේවල්.
Written by: Chathura
1 Comment
මෙම ජොබ් එක ගොඩක් වටින ජොබ් එකක්.මන් අහලා තියෙනවා,බලලා තියෙනවා මේ ජොබ් එකට ගොඩක් හොද මැසේජ් තියෙනවා.ඉතිං මමත් කැමැතියි මෙම ජොබ් එකට ජොයින් වෙන්න.