Meta සමාගමෙහි ඉහළ විධායක නිලධාරියෙකු විසින් පසුගිය දිනක සමාගමේ පැවති රැස්වීමකදී සමාගමේ ඉදිරි Twitter තරඟකරුගේ preview එකක් සේවකයන්ට පෙන්වා තිබෙනවා.
මේ නව standalone app එක Instagram මත පදනම් වන අතර decentralized social media protocol එකක් වන ActivityPub සමඟ ඒකාබද්ධ වේ. එය න්‍යායාත්මකව නව app එකේ පරිශීලකයින්ට ඔවුන්ගේ accounts සහ followers ඇතුළු Mastodon සහ ActivityPub සඳහා සහය දක්වන වෙනත් app වෙත රැගෙන යාමට ඉඩ සලසයි.
Meta සමාගමේ පැවති මේ රැස්වීමේදී Meta ප්‍රධාන නිෂ්පාදන නිලධාරි Chris Cox පවසා ඇත්තේ “our response to Twitter,” ලෙස හැඳින්වූ මේ app එක පරිශීලකයෙකුගේ තොරතුරු ස්වයංක්‍රීයව ජනනය කිරීමට Instagram හි account system එක භාවිතා කරනු ඇත. මේ app එක සඳහා internal codename එක “Project 92” වන අතර එහි පොදු නාමය Threads විය හැකි බව ඔවුන්ගේ මතයයි.
මේ වර්ෂයේ ජනවාරි මාසයේදී මේ app එක සඳහා coding කිරීම ආරම්භ වූ බවත් Meta සමාගම හැකි ඉක්මනින් මේ නව app එක ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
Source: The Verge, Times of India, CNBC