Tron වගේ චිත්‍රපටි වල දැකපු futuristic high performance electric bike එකක් ලංකාවේ තරුණයෙකුත් හදලා කිව්වොත් විශ්වාස කරනවද? ඒ විතරක් නෙවෙයි දැන් ඔබට එම යතුරු පැදිය Rs 70,000 කට pre-order කරන්නත් හැකියාව තියෙනවා.
ඉංජිනේරු සසිරංග ද සිල්වා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ගමන් තමයි මේ නිර්මාණය කරල තියෙන්නේ. මීට අමතරව Electric බයිසිකලයක්, ත්‍රීරෝද රථයක් හා තවත් උපාංග කීපයක්ම ThermalR යන සන්නාමය ඔස්සේ ඔහු වෙළඳපොලට ඉදිරිපත් කරලා තියෙනවා.
මේ දවස්වල මේ electric motor bike එකේ road testing කරනවා, ඒ විතරක් නෙමෙයි තව මාස 6කින් මෙය වෙළඳපලට නිකුත් කිරීමටත් නියමිතයි. එක් බැටරි ආරෝපනයකින් 120km ක් ගමන් කිරීමේ හැකියාව ඇති මේ electric motor bike එකට කිලෝමීටරයක් සදහා වැයවන්නේ ශත80ක් වැනි කුඩා මුදලකි. එමෙන්ම මේ electric motor bike එකට පැයට 110km ක උපරිම වේගයකින් ගමන් කිරීමට හැකි වීම මෙන්ම මේ electric motor bike එක ඇති ස්ථානය ජංගම දුරකථනය හරහා නිරීක්ෂණය කිරීමටත් හැකිය. එමෙන්ම Android මෙහෙයුම් පද්ධතියකින් සමන්විත මෙම විද්‍යුත් මෝටර්සයිකලය තවත් සුවිශේෂ අංග උපාංග වලින් සමන්විත වේ.
මේ electric motor bike එක 4kW විද්‍යුත් මෝටරයක් සහිත සාමාන්‍ය “Barbery” සහ 8kW විද්‍යුත් මෝටරයක් සහිත අධිබල “Peregrine” යන වර්ග දෙකෙන්ම ලබා ගත හැකියි. බයික් එකට වසරක වගකීමකුත්, බැටරියට වසර 3ක වගකීමකුත් දෙන ඔවුන් අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් ලබා දෙන්න බැඳී සිටිනවා.
මේ electric motor bike එකේ මිල ගණන්:
- ThermalR Barbary – Rs 595,000
- ThermalR Peregrine – Rs 740,000
මේ electric motor bike එක මිලදී ගත හැකි දිනය: 2022 අගෝස්තු. මේ electric motor bike එක Pre Order කරන්න මෙතනින් පිවිසෙන්න.
Source : Dr. Chandima, Made in Srilanka Facebook පිටුවලින් උපුටා ගැනුනකි