TikTok විසින් Instagram වෙතට අභියෝගයක් එක් කරමින් ඔවුන්ගේ නවතම යෙදුම වන TikTok Notes, දැනටමත් ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS භාවිතා කරන්නන් වෙත ලබාදීමට පටන් ගෙන ඇත. මෙම නව යෙදුමේ දියත් කිරීම නිවේදනය කරන tweet එකක්, මෙන්ම App Store සහ Google Play listings කිරීම් ද සිදුකර තිබෙනවා.
/2 We hope that the TikTok community will use TikTok Notes to continue sharing their moments through photo posts. Whether documenting adventures, expressing creativity, or simply sharing snapshots of one's day, the TikTok Notes experience is designed for those who would like to… pic.twitter.com/KPXJqbaOdG
— TikTokComms (@TikTokComms) April 17, 2024
Instagram විසින් ලබා නොදෙන විශේෂාංගයක් වන images වලට headlines දැමීය හැකි TikTok Notes වල ඇති මේ විශේෂාංගය වඩාත් කැපී පෙනේ.
TikTok Notes හි homepage එක ද කොටස් දෙකකට බෙදා ඇති අතර, ඔබට ඔබ follow කරන පුද්ගලයින්ගෙන් posts බැලීමට “Following” සහ තවත් “For You” ලෙස pages දෙකක් ඇත. එය Pinterest හි homepage එක මෙන් මඳක් සමානකම් ඇති නමුත් කුඩා, තීරු දෙකකට feed එක බෙදා ඇත.
මෙම කුඩා වෙනස් කිරීම් වලට අමතරව, මෙම TikTok Notes යෙදුම Instagram වලට බෙහෙවින් සමාන ය, එය සුපුරුදු පරිදි වෙනස් කිරීමකි. TikTok විසින් පරිශීලකයින්ට යවන ලද notification එකක් හරහා මේ නව ඡායාරූප බෙදාගැනීමේ යෙදුම මෙම මස මුලදී නිවේදනය කළේය. එම අවස්ථාවේදී, එය TikTok Notes ලෙස හැඳින්වීමෙන් ඔබ්බට යෙදුම පිළිබඳ බොහෝ තොරතුරු ලබා නොදී තිබෙනවා.
තවමත් මේ නව TikTok Notes යෙදුම අනෙකුත් region වලට ලබාදෙන දිනයක් පිලිබද තවමත් පැහැදිලි වාර්තාවක් නැහැ.
Source: The Verge, Beebom, Phone Arena