SEO කරන්න කම්මැලි අයට තමා අද පොස්ට් එක, අපි බලමු SEO කරන්න කම්මැලිනම් මොකද්ද ඔයාට SEO වලින් ගොඩයන්න පුළුවන් රහස මොකද්ද කියලා… (පිරමිඩ කේස්වත් නැත්තම් invest කරලවත් නෙවේ, මොලේ ටිකක් වෙහෙසලා කරන්න පුළුවන් දෙයක්)
රහස තමා EMD (Exact Match Domain)
EMD කියන එකේ හරි තේරුම තමා Exact Match Domain කියන එක, වචනෙම තියෙනවා තේරුම මොකද්ද කියලා. එහෙම කියලත් තේරුනේ නැති අයට මෙහෙම කියන්නම්, keywords include වෙන domain name එකක්.
උදාහරණයක් දෙන්නම්, ඔයා නිකමට ගහලා බලන්න google එකේ trip කියලා, එහෙම ගැහුව ගමන් එන්නේ trip.com domain එක. ඇයි එක එහෙම උනේ? එහෙම උනේ අපි search කරපු keyword එක EMD එකක් හින්දා.
තව උදාහරණයක් දෙන්නම් ඔයා දැන් hotels කියලා google search කරන්න. දැන් එහෙනම් මොකද්ද වෙන්න ඕනි කලින් කිව්වා විදියට අනුව hotels කියන එක keyword එක නම් EMD එක hotels.com, ඒත් අපි hotels කියලා search කලාට hotels.com එක google එකේ first results නැ, ඒක තියන්නේ 2nd page විතර. ඇයි එහෙම උනේ?
ඔයාගේ වෙබ් සයිට් එක කොච්චර හොදට හැදුවත් usersලා ඔයාගේ වෙබ් එක click කරපු ගමන් back වෙනවනම් ඔයා EMD එකක් අරගෙන තේරුමක් නැ. EMD එකක් ගන්නවනම් ගන්න ඕනි sure and shot නම් විතරයි. එහෙම නැත්තම් දවසින් දවස අපේ වෙබ් එකේ google ranking down.
මම උදාහරණයක් දෙන්නම්, මම EMD එකක් buy කළා අවුරුදු 2කට වගේ කලින්. මට එකේ name එක කියන්න බැ, අනිවාර්යයෙන්ම pc එකක් lap එකක් තියෙන කෙනෙක් search කරන එකක්. අදටත් මගේ EMD එක google එකේ 1st place. වෙබ්සයිට් එක woocom එකක්. ඒ අවුරුදු 2ට මම $10K+ earn කළා profit එක විදියට. (Only from product selling) ලොකු ගානක්නම් නෙවේ, ඒත් මේක මට හොයන්න වියදම් උනේ $10යි. ඒ 10$ domain එකට. Hosting කොහොමත් මන් ගාව තිබ්බ හිනදා එකට සල්ලි ගියේ නැ. Orders එනකොට එහෙම සුපිරි ඉතින්, ඇයි එක එක රටවල් වල dial ගෙන් නේ එන්නේ. මන් උන්ව දන්නෙත් නැ, උන් මාව දන්නෙත් නැ. මට ඕනි තරම් වංචා කරන්න තිබ්බා. මොකද එයාලා මට සල්ලි ගෙව්වට පස්සේ ඒ product එක ship කරන හින්දා. ඒත් ඉතින් අවංකවම මටනම් එහෙම කරන්න බැ. මට අයිති නැති දෙයක් මන් කොහොමත් තියාගන්නේ නැ. වෙන අය ජොබ්ස් කරලා part time ජොබ් කරද්දී මේක තමා මගේ part time එක උනේ.
ඒවා වැඩක් නැ ආයේ එමු මේ EMD කියන එකට, මේ EMD වල වාසි වගේම අර මන් කලින් උඩ hotel.com එක ගැන පැහැදිලි කළා වගේ අවාසිත් තියෙනවා. ඒක හින්දා අපි දැනගන්න ඕනි user experience එක හොදට දෙන්න userට. එතකොට ඌ පිට යන්නේ නැති හින්දා.
Important – ඔයා එක පාර හිතලා EMD එකක් buy කරන්න යනවනම්, අනිවාර්යයෙන්ම CTR එක ගැන දෙපාරක් හිතන්න. මොකද ඔයා වෙබ් එක කරගෙන යද්දී ඔයාගේ CTR එක ඔයාගේ ranking වලට ලොකු බලපෑමක් කරනවා. අන්න ඒ හේතුව හින්දා තමා උඩ මම පැහැදිලි කරපු hotels.com වෙබ් එක EMD එකක් වෙලත් first page නැත්තේ.
අනික EMD එකක් normal domain එකක ගානටම ගන්න අමාරුයි, premium price යන්නේ. ඒත් කලාතුරකින් සමහර domain තියෙනවා එහෙම premium නැති. හොද keyword research එකකුත් කරලම domain selection එකකට ගියානම් හොයාගන්න බැරි නැ.
EDM එකක් normal ගානටම ගන්න තියෙනවා කියන්නේ එක ගන්න කලින් domain history එක බලන්න. මොකද spam උන එකක්නම් ඒත් වැඩක් නැ අපිට.
මේකත් එක්ක යන අනික් එක තමා Generic Domains, මම ඒ ගැනත් පැහැදිලි කරලා පොස්ට් එකක් දාන්නම් ඊළගට.
Written by: Marshal Fonseka