Google Search Engine එක ව්‍යාප්ත වීමත් සමග Google AdWord කියලා වැඩසටහනක් ආරම්භ කළා Google AdWord වෙත වෙලද දැන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Engine එක ඔස්සේ ප්‍රචාරණය කරන ලදි. මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි. ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙළඳ දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.
ඒ Google AdSenseහි ආරම්භයයි. පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක. ඒ අනුව එම වෙබ්, බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.
Impression කියන්නේ මොකක්ද?
වෙබ් පිටුවකින් වෙබ් පිටුවකට යාමේදි එම වෙබ් පිටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ. මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ. මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුත ඉහත අරුතයි.
එතකොට CTR එක කියන්නේ මොකක්ද?
Impression හා Clicks අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා. Google AdSense සතු පලපුරුද්ද අනුව සාමාන්‍යයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී. ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී. නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී. ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම් ව්‍යාජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ. ඒ නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.
CPC එක කියන්නේ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ. මෙය $10-15 අතර තිබේ නම් වඩා සුදුසුය. මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය. මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය. ඇමරිකානු, යුරෝපානු, ඕස්ට්‍රේලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි. ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Keywords යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.
High Paying Keywords කියන්නේ මොනවාද?
වැඩිම මිලකට විකිණෙන වෙළඳ දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ. මේවා සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක. යම්කිසි කෙනෙක් වෙබ් පිටුවකට පැමිණි විගස එම Visitorගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පිටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙළඳ දැන්වීම් දිස්වනු ඇත. එම නිසා අප කළ යුත්තේ High Paying Keywords යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.
Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි. ඕනම වේලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා. නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
- ඔබට ඔබේම Ad Click කළ නොහැක.
- මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
- Impression or Clicks ලබා දීමට බලකිරීම, ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි. එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
- එකවර එක්කෙනෙක්ට Google AdSense ගිණුම් දෙකක් සක්‍රීයව තබාගත නොහැක.
ඔයාලට අවශ්‍යම නම් Google AdSense Terms සම්පුර්ණ විස්තරේ මේ Site එකේ දාලා ඇති. මේ Terms කලින් කලට වෙනස් වෙනස් වෙනවා. ඒක ගැනත් මතක තියාගන්න.
Google AdSense Disable වෙන්න බලපාන හේතු මොනවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google AdSense විසින් හඳුනාගතහොත් ඔබේ ගිණුම Disable වේ.
Google AdSense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් AdSense Disable වුණා කියන්නේ ආයේ AdSense Disable වූ ගිණුමේ නමට, ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි. නමුත් එසේ නොමැත. ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත AdSense වෙත අයදුම් කළ හැක. ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත AdSense ඉල්ලීමයි.
AdSense ගන්න Top Level / Full Domain එකක් ඕනෙමද?
නැත. ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම්, blogspot.com / wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් AdSense ගිණුම් හිමිවේ. ඒ වගේ AdSense ගත්ත Site ඕනෑ තරම් තියෙනවා.
AdSense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ AdSense ගිණුමේ $10 පිරුණු පසු ඔබේ බැංකු ගිණුමට මුදල් ලබාගත හැක. තවත් Payment Method ගොඩක් තියෙනවා. ඒ ගැන දැනගන්න මේ Site එක බලන්න.
Google AdSense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google AdSense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි. ලැබෙන Clicks ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි. ඒ නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන Visitorsලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.
බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන Visitorsලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රඳා පවතිනවා. කිසියම Visitor කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන. ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන. ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය. මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය Visitor තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය. එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන. ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.
Traffic Sources Build කරන්නේ කොහොමද?
- Search Engine වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
- Social Media වල ඔබේ බ්ලොගය ප්‍රචාරණය.
මීට අමතරව ගොඩාක් ක්‍රම තියෙනවා.
සිංහල බ්ලොග් වලට AdSense දෙනවාද?
සිංහල බ්ලොග් වලට AdSense ලබා දෙන්නෙ නැහැ. ඒ අනුව ඔබ AdSense ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් English බ්ලොගයක් ලිවිය යුතුයි.
AdSense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් විය යුතුද?
ඔව්. මෙහෙමයි ඔබේ බ්ලොගය මාස 06කට වඩා පරණ වුනත් ඔබේ බ්ලොගයේ අන්තර්ගතයේ ගුණාත්මක බව අඩු නම් ඔබේ බ්ලොගයට AdSense හිමිවෙන්නේ නැහැ. ඒක නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට AdSense ගිණුමක් ලබා ගත හැක.