National Fuel Pass එක නිසා මේ දවස් වල මේ QR ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. මීට කලින් කොරෝනා contact tracing වලට සහ banking වලට QR හදුන්වාදීමත් එක්ක අවස්ථා කීපයකම මේ ගැන සමාජය කතාබහ කළා. QR සහ barcode සියල්ල machine-readable optical code කියල හදුන්වන්න පුළුවන්. අපි භාවිතා කරන භාෂා වල එක සමාන පෙනුම ඇති අකුරු තියන නිසා සමහර දේවල් කියවීමේදී අපිටත් වරදින එකේ computer එකකට එය අපහසු කාර්යයක්.
Barcode කියන්නේ මොනවාද?
Barcode වලදී විවිධ මහත වල රේඛා යම් සම්මත පිලිවලකට යේදීමෙන් අදාල තොරතුර නිරුපනය කරනවා. මේ සම්බන්දයෙන් සම්මත ක්‍රම රාශියක් භාවිතා වෙනවා. ඒ විවිධ ක්‍රම වල විවිධ සිමා පවතිනවා. උදාහරණයක් විදිහට සමහර barcode සම්මත භාවිතා කරලා නිරුපනය කල හැක්කේ ඉලක්කම් පමණයි. Laser එකක් පාවිච්චි කරලා barcode reader එකට පහසුවෙන් සහ ඉතා වේගයෙන් මේ රටා නිවැරදිව කියවල අදාල දත්තය බවට පරිවර්තනය කරන්න පුළුවන්. කොහොම නමුත් මේ barcode කියවන්න අපිට ඒ වෙනුවෙන්ම හදපු barcode reading උපකරණයක් ගන්න වෙනවා.
QR Code කියන්නේ මොනවාද?
Barcode reader උපකරණයක් පාවිච්චි කරනවා වෙනුවට camera එකකින් barcode එකේ පින්තුරයක් අරගෙන ඒක process කරලා අදාල දත්ත ලබාගන්න හැකියාව කියනවා. නමුත් barcode නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විදිහට පාවිච්චි කරන අරමුණින් නොවන නිසා මේ වැඩේ ටිකක් ගැටළු සහගතයි. මේ විදිහට camera එකකින් කියවන්න හැකි වන විදිහට නිර්මාණය වුන ක්‍රමයක් තමයි QR code කියන්නේ. පින්තුරයක් හරහා පහසුවෙන් කියවීමේ හැකියාවට අමතරව මෙහි සාපේක්ෂව විශාල අකුරු, ඉලක්කම් සහ වෙනත් characters වලින් සමන්විත දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව තියනවා. ඒ වගේම විකෘතිවීම් අදුනගන්න වගේම සුළු විකෘතිවීම් නිවැරදි කරගැනීමේ හැකියාවත් QR වලට තියනවා.
මුලින් රථවාහන අමතර කොටස් කළමනාකරණය සදහා මෙය නිර්මාණය උනත්, Smartphone වල තියන camera එකෙන් මේ QR පහසුවෙන් කියවන්න පුළුවන් නිසාත් URL, phone number, email වගේ ඕනෑම දෙයක් මේ හරහා පහසුවෙන් සහ නිවැරදිව සන්නිවේදනය කල හැකි නිසාත් මෙය වෙබ් ලිපින සහ වෙනත් මුද්‍රිත තොරතුරු ජංගම දුරකථන වෙත යවන්න පාවිච්චි කරන ජනප්‍රියම ක්‍රමය බවට පත්වෙලා තියනවා.
මේ වෙබ් එකට ගිහින් ඔයාලටත් කැමති විදිහේ barcode සහ QR generate කරගන්න පුලුවන්. ඔයාටම කියලා QR Code එකක් Phone එකෙන්ම හදාගන්න විදිහ ගැන දැනගන්න මේ විඩීයෝ එක බලන්න.
Source: Coding පන්තිය