SEO වල වැදගත්ම point එක, නැත්තම් ඔයා maintain කරන්න ඕනි ප්රධානම දේ ඔයාගේ content එක. Content is king කියන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා, ඒත් ඇත්තටම හොයලා බැලුවද king කෙනෙක් ඉන්නවනම් queen ලා එක්කෙනක් හරි හෝ කීප දෙනෙක් ඉන්න ඕනි නේද කියලා… ඒත් එහෙම දකින් නැනේ හැමෝම කියන්නේ content is king, content is king කියලා විතරයි.
අද මම කියන්න යන්නේ content is king නම් මෙයාගේ පිටිපස්සේ ඉන්න queen ගැන.
මේ කතාව ඇත්ත, හොද content එකක් නැත්තම් අපේ website එකෙන් වැඩක් නැ. ඉතින් මේ කියන්න යන දේ මම ගොඩක් කල් experiment කරලා කියන දෙයක්. මේක ගොඩක් අයට වටි සහ මේක ගැන අත්දැකීම් ගොඩක් අයටත් ඇති. Websites වලට වඩා මේ කතාව ගැලපෙන්නේ social media වලට, Content is king නම් අනිවාර්යයෙන්ම engagement is queen, ඇයි මේක මෙහෙම වෙන්නේ?
සරල උදාහරණක් දෙන්නම්. මේකට මම Facebook page එක ගන්නවා උදාහරණකයට. ඔයා හිතන්න ඔයාගේ page/group එකේ ඉන්න audience එක 10 දෙනයි. ඔයා කොච්චර post දැම්මත් ඔයාට likes 10ක් වත් වැටෙන්නේ නැ, ඒ වගේම තව page/group එකක් තියෙනවා ඔයාගේ niche එකේම. ඒ page එකේ ඉන්න audience එක 10000 යි. ඒ page එකේ දාන posts වලට likes 9-10k වැටෙනවා. ඔයා ගිහින් අර 10k audience එකක් ඉන්න page එකේ post එකකට comment එකක් දැම්මොත් ඔයාගේ post එකට ඒ පොස්ට් එකෙන් එන engagement එක වැඩි නේද? අන්න එතකොට ඔයාගේ content එකත් king වෙලා තිබ්බොත් නිකම්ම වැඩේ ගොඩ. මන් හිතනවා කිව්වා දේ තේරෙන්නේ ඇති කියලා.
ඔයා Facebook ads run කරන කෙනෙක් නම් මේකට නියම උදාහරණයක් දෙන්න පුළුවන්, එක්කෝ එක වෙන දවසක post එකෙකින් මේකේ ඉතුරු ටිකත් එක්ක දාන්නම්.
මේ දුන්නේ social media වලින් උදාහරණයක්, මේ ගැන තව ටිකක් හොදට හිතුවොත් ඔයාගේ website එකටත් apply කරන්න පුළුවන්. (ඔයාගේ website එකේ content හදලා social media වල එක එකාගේ post අස්සේ comments දාන එක නෙවේ හරිද), ඔයාගේ content එකට engagement එක ගන්න කරන්න පුලුවන් වැඩක්. මම පස්සේ දවසක ඒ ගැනත් post එකක් දාන්නම්.
Written by: Marshal Fonseka