ඔබේ තැන්පතු සඳහා බෝනස් ලබා දෙන තැරැව්කරුවන් ඔබට කෙදිනක හෝ හමු වී තිබෙනවා ද? එසේ නොමැති නම්, ඔබ නිවැරදි ම ස්ථානයේ නැවතී ඇත!
සැප්තැම්බර් 15 වන දා දක්වා XM එහි ප්රවර්ධනයක් වන XM ද්විත්ව තැන්පතුව හරහා $500 දක්වා 100% බෝනස් පිරිනමයි. එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
XM ද්විත්ව තැන්පතුව යනු ඔබට වැඩි ප්‍රාග්ධනයක් සමඟ වෙළඳාම් කිරීමට උපකාර කිරීම සඳහා XM විසින් නිර්මාණය කරන ලද ප්‍රවර්ධන ප්‍රසාද දීමනාවකි. වෙනත් වචනවලින් කිවහොත්, මෙම ප්‍රසාද දීමනාව ඔබගේ නිදහස් මාජිනයේ (margin) කොටසක් වනු ඇත. ප්‍රතිවිරුද්ධ වෙළඳපොළ චලනයන්ට එරෙහි ව අමතර ආරක්ෂණ ස්තරයක් සපයමින් ඔබගේ මාජින් මට්ටම ඉහළ නංවාගැනීමට මෙය හේතු වනු ඇත. ඒ අනුව වැඩි ට්‍රේඩ්ස් ප්‍රමාණයක් විවෘත කිරීමෙන් ඔබට මෙම ප්‍රසාද දීමනාව භාවිත කළ හැකි ය.
XM ද්විත්ව තැන්පතුව මඟින් XMහි නවක මෙන් ම මේ වන විටත් වෙළඳාම් කටයුතුවල නිරත වන සේවාදායකයන් සඳහා ප්රතිලාභ ලබා දෙනු ලැබේ. ඒ අනුව, තමා සිදු කරන සෑම තැන්පතුවක් සඳහා ම ප්‍රසාද දීමනාවක් ලැබීමට XMහි වත්මන් සැබෑ ගිණුම් හිමියන් සැණින් සුදුසුකම් ලබයි. තම සැබෑ ගිණුම සත්‍යාපනය කර $5 සිට ඕනෑ ම මුදල් ප්‍රමාණයක් එහි තැන්පත් කිරීමෙන් අනතුරු ව ප්‍රසාද දීමනාවට හිමිකම් කීමට නවක සේවාදායකයන් සුදුසුකම් ලබයි. මෙම ප්‍රසාද දීමනාවෙහි තවත් වාසියක් වන්නේ තැන්පතු ගාස්තු XM විසින් ආවරණය කරනු ලැබීම යි. ඔබ ඔබගේ වෙළඳ ගිණුමේ මුදල් තැන්පත් කළ පසු ප්‍රසාද දීමනා ක්ෂණික ව ඔබේ වෙළඳ ගිණුමට බැර වනු ඇති අතර එමඟින් ඔබට ඉහළ ගිය මාජිනය සමඟ එසැණින් වෙළඳාම් කිරීමට අවස්ථාව හිමි වනු ඇත. තව ද MT4 සහ MT5 යන ගිණුම් ද්විත්වය ම සඳහා මෙම ප්‍රසාද දීමනාව අදාළ වේ.
පහත උදාහරණය ඇසුරෙන් උක්ත කරුණු තව දුරටත් පැහැදිලි කරගනිමු.
ඔබ ඔබගේ සැබෑ ගිණුමේ $100ක් තැන්පත් කරන්නේ යැයි සිතන්න. තැන්පතු ප්‍රසාද දීමනාව 100%ක් වන බැවින් ඔබගේ වෙළඳ ගිණුමට අමතර $100ක් ලැබෙනු ඇත. එහි දී ඔබගේ ප්රාග්ධනය $200 දක්වා ඉහළ යන අතර එමඟින් ඔබගේ වෙළඳ ප්රාග්ධනය දෙගුණ කරගැනීමට අවස්ථාව හිමි වේ. ඔබට ප්‍රසාද දීමනාව ලෙස ලබා ගත හැකි උපරිම මුදල $500කි. ප්‍රවර්ධන කාල සීමාව ඇතුළත අඛණ්ඩ ව වාර ගණනක් තැන්පත් කිරීමෙන් මෙය සිදු කළ හැක.
මෙම ප්‍රවර්ධනය හරහා ලැබෙන ඕනෑ ම ලාභයක් ඕනෑ ම අවස්ථාවක ආපසු ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න. කෙසේ වෙතත්, මුදල් ආපසු ගන්නා ඕනෑ ම අවස්ථාවක ඔබගේ වෙළඳ ප්‍රසාද දීමනාව ද සමානුපාතික ව ඉවත් වනු ඇත. උදාහරණයක් ලෙස, ඔබගේ ගිණුමේ ශේෂයෙන් 50%ක් ඉවත් කරගන්නේ නම් ඔබගේ පවතින ප්‍රසාද මුදලින් ද 50%ක් ඉවත් වනු ඇත.
Ultra Low Micro සහ Ultra Low Standard යන ගිණුම් මෙම ප්‍රවර්ධනය සඳහා සුදුසුකම් නොලබන බව කරුණාවෙන් සලකන්න.
සියල්ල පැහැදිලි ද? එසේ නම් තවත් රැඳී සිටින්නේ කුමට ද? XM සේවාදායකයන් සඳහා පමණක් පිරිනැමෙන මෙම සීමිත කාලීන ප්‍රවර්ධනයට ඔබත් සහභාගී වන්න!
ඔබගේ 100% ප්‍රසාද දීමනාව ලබා ගැනීමට මෙහි ක්ලික් කරන්න.
XM පිළිබඳ කෙටියෙන්
XM (2009 දී ආරම්භ වූ) යනු මිලියන 10කට අධික ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සහිත විශාල, ස්ථාපිත සහ පළපුරුදු විදේශ විනිමය තැරැව්කරුවෙකි. XM 190කට අධික රටවල් ගණනක සේවාදායකයන් පිරිසකට භාෂා 30කින් සේවා සපයන අතර, ඔවුන්ට 1000කට අධික උපකරණ ප්‍රමාණයක් භාවිතයෙන් වෙළඳාම් කිරීමට අවස්ථාව ලබා දෙයි. එහි කළමනාකාරිත්වය ලොව පුරා නගර 120ක සංචාරය කර ඇති අතර එමඟින් සිය ගනුදෙනුකරුවන් සමඟ මනා සබඳතාවක් පවත්වාගනිමින් ඔවුන්ගේ ගැටලුවලට සවන් දී පිළිතුරු ලබා දෙන බවට XM සහතික කරයි.