කොළඹ නගරය පදනම් කරගත් පුරෝගාමී සමාගමක් වන Zapmail, ලොව ප්‍රථම collaborative email service එක ශ්‍රී ලංකාවේදී මෑතකදී එළිදක්වන ලදී. මෙම innovative platform එක සැලසුම් කර ඇත්තේ ව්‍යාපාර සන්නිවේදනය email හරහා සිදුකරන ආකාරය සරල කිරීමට සහ වැඩිදියුණු කිරීමට, රැකියා ස්ථානයේ fragmented වූ සහ අකාර්යක්ෂම සන්නිවේදනයේ පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ය. ව්‍යාපාර අසාර්ථකත්වයන්ගෙන් 86%කට වඩා වැරදි සන්නිවේදනයට හේතු වී ඇති අතර, විසඳුමක තීරනාත්මක අවශ්‍යතාවය අවධාරනය කරයි. කණ්ඩායම් සහ ව්‍යාපාර මුහුණ දෙන මෙම පොදු අභියෝගය හඳුනා ගනිමින් Zapmail email communication තුල විප්ලවීය වෙනසක් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇත. Chats වැනි conversations වල හුරුපුරුදුකම සමඟ email වල බලය ඒකාබද්ධ කිරීමෙන්, Zapmail departments, projects සහ initiatives හරහා සහයෝගීතාව විධිමත් කරන intuitive interface එකක් ඉදිරිපත් කරයි.
“වසර දෙකක නොපසුබස්නා කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සම්පුර්ණයෙන්ම ස්වදේශීය නිෂ්පාදනයක් දියත් කිරීමට ලැබීම ගැන අප කොතරම් ඇදහිය නොහැකි තරම් ආඩම්බර සහ නිහතමානීද යන්න ප්‍රකාශ කළ නොහැක,” යනුවෙන් Zapmail හි නිර්මාතෘවරුන් පවසා තිබුනා. “මෙම ගමනේ සෑම පියවරක්ම මෙහෙයවනු ලැබුවේ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීමේදී කණ්ඩායම් මුහුණ දෙන අභියෝග පිළිබඳ ගැඹුරු අවබෝධයක් මගිනි. විසඳුමක් නිර්මාණය කිරීමට අපගේ අධිෂ්ඨානය පෝෂණය කළේ මෙම අවබෝධයයි.” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් පවසා තිබුනා.
Zapmail ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක අනෙකුත් communication platforms වලින් කැපී පෙනේ. පළමුව, එය platform-independent වන අතර, පරිශීලකයින්ට ඔවුන් භාවිතා කරන platform එක කුමක් වුවත් email එකක් ඇති ඕනෑම අයෙකු සමඟ සන්නිවේදනය කිරීමට හැකි වේ. අතිරේකව, Zapmail විසින් branded digital identity එකක් සපයන අතර, custom domain එකක් සමඟ සබැඳිව නියෝජනය කිරීමට සමාගම්වලට ඉඩ සලසයි.
තවද, conversational email විශේෂාංගය පුද්ගලයන් සහ කණ්ඩායම් යටතේ සන්නිවේදනය වඩාත් කාර්යක්ෂමව සංවිධානය කරයි. වැඩිදියුණු කළ කණ්ඩායම් වැඩ සඳහා channels නිර්මාණය කළ හැකි එහි සහයෝගිතා ස්වභාවය සමඟින් මෙය, Zapmail සම්ප්‍රදායික email services සහ අනෙකුත් සහයෝගීතා collaboration platforms වලින් වෙන් කරයි.
Global business email market එක 2032 දී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා ළඟා වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ව්‍යාපාරික සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් සහ ලොව පුරා සමාගම් සඳහා ඵලදායිතාව ඉහළ නැංවීමෙන් ගෝලීය පරිමාණයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට Zapmail සූදානම් වේ.
වැඩි විස්තර සඳහා හෝ Zapmail සඳහා ලියාපදිංචි වීමට, කරුණාකර https://zapmail.app වෙත පිවිසෙන්න.
Source: Newswire, Ada Derana Biz