Western Digital විසින් Content Creatorලා සඳහා ‘High-performance, Scalable සහ Reliable solutions’ ලබා දීම සඳහා නව SanDisk storage solutions දියත් කර ඇත. මේ range එකට නව SanDisk Professional PRO-G40 SSD, G-RAID Shuttle SSD, G-DRIVE Enterprise-Class Desktop Hard Drive, සහ PRO-DOCK 4 ඇතුළත් වේ.
නව SanDisk Professional Pro-G40 SSD ස්වභාවයෙන් දැඩි (rugged) වන අතර IP68 rating සමඟ පැමිණේ. එය සුපිරි වේගවත් 2700MB/s reading සහ 1900MB/s writing speeds සඳහා ද සහය දක්වන අතර මේමගින් තත්පර 30 කින් පමණ 50GB දක්වා දත්ත මාරු කළ හැකිය. SSD හි Thunderbolt 3 (40Gbps) සහ USB 3.2 Gen 2 (10Gbps) යන දෙකටම සහය ඇති අතර heat control කර ගැනීමට cool aluminum core එකක් ඇත. එහි crush resistant (up to 1800 kg) සහ මීටර් 3 දක්වා drop resistance පහසුකම් ඇති අතර එයට වසර 5ක වගකීමක් ද ඇත.
SanDisk Professional G-Raid Shuttle SSD සතුව 32TB දක්වා storage, 2800MB/s දක්වා reading speed සහ Thunderbolt 3 (40Gbps) සහ USB-C (10Gbps) interfaces සඳහා සහය ලැබේ. එය වසර 5 ක වගකීමක් ද සමඟ පැමිණේ.
SanDisk Professional G-Drive Enterprise-Class Desktop Hard Drive සඳහා, USB-C (10Gbps) සඳහා සහය දක්වන අතර 280MB/s දක්වා reading සහ 280MB/s writing (22TB capacity) speeds ඇත. එයට වසර 3ක වගකීමක් ඇත. SanDisk Professional Pro-Dock 4 හට විවිධ SanDisk Professional PRO-READER උපාංග 4ක් දක්වා offload කළ හැක, Thunderbolt (40Gbps) සඳහා සහය දක්වයි, සහ DIT Cart එකකට හෝ වෙනත් ආම්පන්නයකට සම්බන්ධ කළ හැක. එයට වසර 3ක වගකීමක් ද ඇත.
Western Digital විසින් SanDisk Professional Pro-Blade Transport සහ SSD Mag, සහ SanDisk Professional Pro-Reader SD සහ microSD ද හඳුන්වා දී ඇත. නව SanDisk storage solutions SanDisk stores සහ online platforms වලින්ද මිලදී ගත හැකිය.
Source: Beebom, The Statesman