ඔයා දැනටමත් blog එකක් වෙබ් එකක් කරන කෙනෙක් නම්, ලියන articles වලට traffic එකක් නැත්තම් ඔයාට මේක වැදගත් වෙයි.
SEO කියන්නේ දිගුකාලින දෙයක්, අද මහන්සි වෙලා හෙට ප්‍රතිඵල ගන්න බැ. මේකත් හරියට ඉබ්බගෙයි හාවගෙයි කතාව වගේ. අපි බලමු ඒත් ඇත්තටම SEO වලින් result එකක් ගන්න ගොඩක් කල් බලන් ඉන්න ඕනි ද කියලා. නැ!
අද මම කියලා දෙන විදි වලින් ඔයාට පුළුවන් ටිකක් ඉක්මණට හොද result එකක් ගන්න. එහෙමයි කියලා අද මහන්සි උනා කියලා හෙට උදේ වෙද්දී ප්‍රතිපල බලා ගන්න බැ. අපි දැන් බලමු එහෙනම් මොනවද මේ tricks කියලා,
හැමෝම කතා වෙන Backlinks
ඇත්තටම මේ backlinks කියන දේවල් වැඩක් තියේද? ඔව් ගොඩක්. අපි කොච්චර on page SEO එක හොදට කලත් අපේ keyword එකේ difficulty එක ගොඩක් වැඩි නම් අනිවාරෙන්ම අපේ page එක, එක තැනකින් එහාට up කරගන්න ගොඩක් අමාරු වෙනවා. මේ වගේ වෙලාවට කරන්න වැඩ කිහිපයක් තියෙනවා එයින් එක ක්‍රමයක් තමා මේ backlinks create කරන එක. ඉතින් ඔයාට පුළුවන් backlinks සල්ලි දීලා අරගන්න, නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට users ලා ලවාම එයාලටත් නොදැනුවත්වම ඔයාගේ වෙබ් එකට backlinks හදාගන්න. ඉතින් ඒ ක්‍රමය තමා…. නැ නැ එක දැන් කියන්නේ නැ ඒකට වෙනම පොස්ට් එකක් දෙන්නම්.
Internal Links හදන එක
ඔයා හිතන්න ඔයා අලුතින් පොස්ට් එකක් දානවා ඔයාගේ වෙබ් එකේ, අනිවාර්යයෙන්ම ඒකට ඔයාගේ පරණ post කිහිපයකම links දාන්න. අපි හිතමු ඔයා digital marketing ගැන අලුත් article එකක් ලියනවා කියලා, එතකොට ඔයා කලින් SEO ගැන, google ads, fb ads ගැන මොනවා හරිම articles publish කරලා තියේනම් ඔයාට පුළුවන් ඒවා ඔයා මේ අලුතින් ලියන digital marketing ගැන ලියන පොස්ට් එකට attached කරන්න. සාමාන්‍යයෙන් වචන 1000 කට විතර internal links 3 ක් වගේ දාන්න.
Meta tags සහ Description
මේක තමා අනිත් වැදගත්ම දේ, article එක හික්කඩුවේ කොරල්පර ගැන ලියලා, meta වල දබානේ වැද්දෝ ගැන දැම්මොත් කිසිම වැඩක් නැ, නැත්තම් meta වලට මුකුත්ම නොදා හිටියා කියන්නකෝ ඒත් වැඩක් නැ. Meta එක තමා user ව අපිට catch කරගන්න තියෙන main point එක. ඒක පුළුවන් තරම් creative විදිහට හදාගන්න.
Bonus: මීට අමතරව ඔයාගේ article link එකට ඔයාගේ main keyword එකත් දාන්න බලන්න. තව එකක් title එක වැඩිය දිගට දාන්න එපා (char 15-45 අතර හොදයි) ඒ වගේම power word එකක් දාන්න පුළුවන් නම් වඩා හොදයි.
Content
මේක මන් තට්ටයාගෙන් (නෙල් පටෙල්) ඉගෙනගත්ත දෙයක්, උගේ වැඩේ හැම වේලාවේම කියනවා ‘content is the king’, ‘content is the king’, ‘content is the king’ කිය කිය. මේක 200% ක් ඇත්ත කතාවක්. මම මුල් කාලේ article වල content එකට මුල් තැනක් දුන්නේ නැ, ඒත් content එක හොදට වේලාව අරන් හොද attractive විදියට හදන්න පුළුවන් නම් ඒක තමා ලොකුම දේ. මොකද අපේ article එක google එකේ 1st page rank වෙලා තිබ්බත් user click කරලා ගිහින් බැලුවම content එක තේරෙන්නේ නැත්තම් user back වෙලා අනිත් result එකට ගිහින් click කරනවා. එතකොට මොකද වෙන්නේ අපේ rankings නිකම්ම drop වෙනවා.
Written by: Marshal Fonseka