What is SEO? | Sinhala SEO Tutorial | SEO ගැන සිංහලෙන් දැනගමු




SEO එහෙමත් නැත්නම් Search Engine Optimization ගැන කතාකරන පළවෙනි ලිපියේ දී අපේ web page වල වෙන්න ඕනි changes මොනවද කියල බලමු.

  1. Keywords
  2. Title Tag
  3. Meta Description
  4. Meta Keywords
  5. URL
  6. H1, H2, H3 Tags
  7. Alt & Title Attributes

මුලින්ම කියන්න තියෙන්නේ Google, Bing වගේ Search Engine හොයල බලන්නේ ඔයාගේ page එකේ content එක ගැන. එක හින්ද අලුත්, තමන්ගේම කියල content තිබ්බොත් SEO සෑහෙන හොඳට වෙයි.

seo

Keywords

මුලින්ම අපේ page එකේ තියෙන්නේ මොනවද කියල බලන්න ඕනි. ඊට පස්සේ අපේ page එකේ තියෙන එවා කට්ටිය කොහොම search කරයිද කියල ටිකක් හිතල බලන්න ඕනි. උදාහරණයක් විදිහට මේ SEO Article එකට සුදුසු Keywords,

SEO

Search Engine Optimization

Sinhala SEO

Learn SEO

Sinhalen SEO

SEO Sinhalen

Sinhala SEO Tutorials

SEO in Sinhala

Increase my website rank

website traffic

How to increase my web rank

ඊලගට කරන්න තියෙන්නේ මේ keywords ගැලපෙන තැන්වලදී (tags වලට) පාවිච්චි කරන එක තමයි.

Title Tag

<title> What is SEO? - Sinhala SEO  Tutorial </title>

මෙන්න මේ වගේ title එකක් අපේ page එකට ආවොත් හොඳයි. Title එකට අකුරු 70කට වැඩියෙන් දාන්න එපා. ⁣පුළුවන්නම් title එක english වලින් දාන්න. Keyword ටිකක් එකතු කරලා. සිංහලෙන් දැම්මා කියලා ගැටළුවක් නැහැ.

Meta Description

<meta name="description" content="What is SEO? - Sinhala SEO  Tutorial - Step by step in Sinhala" />

Description එකටත් අපේ page content ගැලපෙන, මීට වැඩිය විස්තරාත්මක description එකක් ආවොත් තමා හොඳ.

Meta Keywords

<meta name="keywords" content="අපි හදාගත්ත Keyword list එක" /> 

මේක නම් දැන් එච්චර වැඳගත් නෑ Google වගේ Search Engine වලදී නම්.

URL

ඔයාලගේ page එකේ URL එකටත් මේ keyword වැටෙන්න ඕනි.

Ex:- https://tecroom.lk/let-s-learn-about-green-screen/

H1, H2, H3 Tags

මේ H (Heading) tags ටිකත් හරිම වැදගත්. H1 tag එක page එකට එක පාරකට වැඩිය දාන්න එපා. ප්‍රධානම මාතෘකාවට H1 දාල sub topics වලට H2, H3 දාන්න.

Alt & Title Attributes

ඔයාලගේ page එකට image මොනවා හරි දානවා නම් ඒ image එකට ගැලපෙන alt එක දාන්න ඕනි.

<img src="seo.jpg" alt="What is SEO? - Search Engine Optimization" /> 

link එකක් දානවා නම් ගැලපෙන title එකකුත් දාන්න.

<a href="seo.html" title="What is SEO? - Search Engine Optimization"> SEO - Search Engine Optimization </a>
Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *