DALL-E AI Image Generator එක දැන් Beta Version එකක් ලෙස

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



OpenAI විසින් නිර්මාණය කළ DALL-E, Artificial Intelligence (AI) image generator එක දැන් beta ලෙස ලබා ගත හැකි අතර මේ tool එකේ pricing structure එක ද එළිදක්වා ඇත. Text prompt එකකින් realistic images සහ arts නිර්මාණය කළ හැකි AI system එක ඉක්මනින්ම සියලු දෙනාටම ලබා ගත හැකි බව සමාගම නිවේදනය කර තිබෙනවා.

මිලියන ගණනක් පුද්ගලයින් early access version එක භාවිතා කිරීමට ලියාපදිංචි වී ඇති අතර DALL-E නිපදවන සමාගම වන Open AI, ඉදිරි සතිවලදී එම waitlist එකෙන් මිලියනයකට එහි latest version එක ලබා දෙනු ලබනවා.

SpongeBobs House created by DALL E

මෙසේ සම්බන්ධ කරගත් පරිශීලකයින්ට පළමු මාසය තුළ භාවිතා කිරීමට නොමිලේ images 50 ක් සහ ඊළඟ මාසයට 15 ක් බැගින් ලැබෙනු ඇත. සෑම credit එකක්ම එක් original prompt එකක් මත පදනම්ව images 04 ක් හෝ පරිශීලකයා edit එකක් හෝ variation prompt එකක් ඉදිරිපත් කරන්නේ නම් images 03 ක් නියෝජනය කරයි. ක්‍රියාකරුගේ AI demands තෘප්තිමත් කිරීමට freebies එක ප්‍රමාණවත් නොවේ නම්, $15 කට මිලදී ගැනීමට credits 115 ක bundle එකක් තිබේ. OpenAI පවසන්නේ financial assistance අවශ්‍ය කලාකරුවන්ට subsidized access සඳහා අයදුම් කළ හැකි බවයි.

Beta version එක මිනිසුන්ට ඔවුන් generate කරන images commercial purpose සඳහා භාවිතා කිරීමට ද ඉඩ සලසයි. උදාහරණයක් ලෙස, shirts වල images print කිරීම හෝ AI images අඩංගු වෙළඳ භාණ්ඩ විකිණීමට අවසර ලැබේ. කෙසේ වෙතත්, OpenAI realistic face සහ explicit contents ඇතුළත් images upload කිරීම් reject කරයි. Misinformation, deepfakes සහ වෙනත් harmful purposes create කිරීම සඳහා දූෂිතයින් එහි තාක්ෂණය භාවිතා කළ හැකි බව සමාගම සැලකිලිමත් වේ.

Portrait created by photographer Mathieu Stern with DALL E

DALL-E හි successor වන DALL-E 2 අප්‍රේල් මාසයේදී announce කරන ලද අතර එය දැනටමත් 100,000 ක පමණ පරිශීලකයින් ලබාගෙන ඇත. OpenAI පවසන්නේ DALL-E 2 හි generations වල mitigate bias සහ toxicity වීම අවම කිරීම සඳහා නව approaches මෙන්ම system එක විසින් create කරන ලද policy governing images මගින් පුළුල් ප්‍රවේශය හැකි වූ බවයි.

DALL-E 2 obvious violent, sexual හෝ hateful content අඩංගු images ඉවත් කිරීමට filtered dataset එකක් මත trained කරන ලදී. OpenAI අවධාරනය කරන්නේ DALL-E 2 hosting දරන්නේ “automated සහ human monitoring systems” ඇතුළු අනෙකුත් ආරක්‍ෂාවන් ඇතුළත් කර ඇති බවත් එය internet වල නිතර දිස්වන faces memorizing කිරීමෙන් වළක්වයි. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ මෙහි තවත් වැඩ කිරීමට ඇති බවයි.

Source: Petapixel, Engadget, OpenAI

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.