Anonymous Hacker කණ්ඩායම රුසියානු රජයට එරෙහි සයිබර් ප්‍රහාර දියත් කරයි




ලොව දරුණුම ගණයේ Hacker වරුන් ලෙස සැළකෙන Anonymous Hacker වරුන් විසින් රුසියානු රාජ්‍ය මාධ්‍යන් වල පාලනය ඔවුන් අතට ගෙන තිබෙනවා. මීට දිනකට පමණ පෙර සියළුම රුසියානු රාජ්‍ය මාධ්‍ය බිඳ වැටුණු අතර ඊට පැයකට පමණ පසු නැවතත් විකාශනය ආරම්භ වුවත් එහි පාලනය රුසියානු මාධ්‍ය අංශ විසින් ගිලිහී ගොස් තිබිණි.

මෙම Anonymous Hacker වරුන් සිය Twitter ගිණුමේ පණිවුඩයක් තබමින් පවසා සිටියේ, යුක්‍රේනය තුළ මේ වන විට සත්‍ය වශයෙන් සිදුවන්නේ කුමක්ද යන්න සහ යුක්‍රේනයේ දේශාභිමානී ගීත ඔවුන් රුසියානු රාජ්‍ය මාධ්‍ය තුළ විකාශනය ක‍රමින් සිටින බවයි.

එසේම මේ වන විට රුසියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිය ඇතුළු රුසියානු වෙබ් අඩවි 6 කට අධික ප්‍රමාණයක් මේ වන විට Anonymous Hacker වරුන්ගේ ග්‍රහණයට නතු වී තිබේ. යුක්‍රේනය සහ රුසියාව අතර ඇති වෙමින් පවතින මෙම යුධමය වාතාවරණය මේ වන විට Cyber යුද්ධයක් (Cyber Warfare) දක්වා පරිවර්තනය වෙමින් පවතී.

Source : CNN News, The Wrap, TechNews.LK

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *