Apple සමාගම රුසියාවේ තම නිෂ්පාදන අලෙවිය නතර කරයි




Apple සමාගම විසින් රුසියාවේ Apple Store හරහා තම නිෂ්පාදන අලෙවි කිරීම නවතා දමා ඇත. පසුගිය සතියේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව සහ අනෙකුත් බටහිර ව්‍යාපාර වැඩි වැඩියෙන් රට සමඟ සබඳතා කපා හරිමින් සිටින හෙයින් Apple සමාගම අඟහරුවාදා සිය තීරණය ප්‍රකාශයට පත් කළේය.

සමාගමේ online රුසියානු වෙළඳසැල ඉදිරිපිට ඇති සියලුම Apple නිෂ්පාදන රට තුළ මිලදී ගැනීම හෝ බෙදා හැරීම සඳහා “unavailable” ලෙස ලැයිස්තුගත කර ඇත. Apple සමාගම රුසියාවේ කිසිදු Physical Apple වෙළඳසැලක් ක්‍රියාත්මක නොකරයි.

මීට අමතරව, Apple සමාගම පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ RT News සහ Sputnik News යන apps රුසියාව හැර අනෙක් රටවල් සදහා download කිරීමට නොහැකි වෙන ලෙස සකස් කර ඇති බවයි.

තවද, රුසියාව තුල Apple Pay සහ අනෙකුත් සේවාවන් සීමා කර ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. 

යුක්රේන පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ පූර්වාරක්ෂාකාරී පියවරක් ලෙස Apple සමාගම විසින් යුක්රේනයේ Apple Maps හි traffic සහ සජීවී සිදුවීම් දෙකම අක්‍රීය කර ඇති බව Apple සමාගමේ ප්‍රකාශකයෙකු විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

Source : CNBC, Khaama Press

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *