මෙම තාක්ෂණික යුගයේ කිසිවක් සිදුකිරීම අපහසු නැත. සෑම දිනකම ලොව පුරා නව සොයාගැනීම් සිදු වේ. යල් පැන ගිය ශිල්පීය ක්‍රම සඳහා නවීන විකල්ප සෑම විටම විද්‍යාඥයින් විසින් සංවර්ධනය කර, පර්යේෂණ කර, සොයා ගනු ලැබේ. මේ සියල්ල මධ්‍යයේ, ඉංජිනේරුවෙකු විසින් හොදින් ක්‍රියාත්මක වන හතරැස් රෝද ඇති බයිසිකලයක් නිර්මාණය කර ඇත.
ඉංජිනේරු සර්ජි ගෝර්ඩීව් (Sergiy Gordeev) විසින් නිර්මාණය කරන ලද මේ නව මාදිලියේ බයිසිකලයේ රවුම් රෝදවලට වඩා හතරැස් රෝද භාවිතා වේ. “අපි කොහොමත් කරන්නේ අමුතු විධියේ නිර්මාණයි. මේ බයිසිකලය අපි මෙතෙක් කළ අමුතුම අමුතු ආකාරයේ නිර්මාණයක්.” යැයි ඒ ගැන විස්තර කරමින් The Q හි විශේෂඥයෙක් පවසනවා.
මෙම රෝදයෙන් පිටත tank එකක් වැනි track එකක් සවි කර ඇත. පාපැදිකරු පැදවීමත් සමඟ මුළු රෝදයේ රාමුවම හැරේ. හතරැස් රෝදය වෙනස් නොවේ. මෙම රෝද සාමාන්‍ය බයිසිකල් රාමුවට සවි කර ඇත.
Source: DNP, India Today, India Times