ඉන්ධන ඇති තැන් හා ඉන්ධන වර්ග තිබේදැයි පරික්ෂා කරගන්න පහසුම ක්‍රමය මෙන්න




තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්ව ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය දියත් කොට තිබේ.

පාරිභෝගිකයන්ට කිසිදු අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබාගැනීමට ඉඩ සැලසීම මෙහි ප්‍රධානම අරමුණයි. මෙම ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය මඟින් දිනපතා උදෑසන තොරතුරු යාවත්කාලීන කරනු ලබන අතර, ඉන්ධන යැවීම පිළිබඳ තොරතුරු, ඉන්ධන පිරවුම්හල් විස්තර, පිටත් කර ඇති ඉන්ධන ප්‍රමාණය සහ තොග තිබේද යන්න ඊට ඇතුළත් වේ. එමගින් ස්ථානය, ඉන්ධන පිරවුම්හල සහ ඉන්ධන වර්ගය අනුව මහජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සෙවීමට හැකිය.

Fuel Information Management System

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) මඟින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු දිනපතා පෙරවරු 9.00 වන විට වෙබ් අඩවිය තුළ යාවත්කාලින කෙරේ. ඉන් පසු සෑම පැය භාගයකට වරක් වෙබ් අඩවිය යාවත්කාලීන කරනු ඇත.

පරික්ෂා කරන ක්‍රමය:

  1. Fuel.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
  2. ඔබ සිටින පළාත, දිස්ත්‍රික්කය සහ ඉන්ධන පිරිවුම්හල (නගරය) තෝරන්න.
  3. ඔබට අවශ්‍ය ඉන්ධන වර්ගය තෝරන්න.
  4. පරික්ෂා කරන්න.

Source: ICTA

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *