Twitter හි නව හිමිකරු Elon Musk ද?




ලෝක ප්‍රකට Tesla හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk, Twitter සමාජ ජාල වෙබ් අඩවියේ 9.2% ක කොටස් හිමිකාරීත්වය සමඟ Twitter හි විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇත. Twitter හි නිර්මාතෘ Jack Dorseyට Twitter හි හිමිකාරීත්වය ඇත්තේ 2.25% ක් පමණි.

Elon Musk හට දැනට Twitter හි කොටස් වලින් කොටස් 73,486,938 ක් හිමිවෙනවා. මේ නිසා Twitter හි විශාලතම කොටස් හිමියා Elon Musk වන අතර එහි ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 2.89 කි. මෙම ගනුදෙනුවත් සමග Twitter හි කොටස් වටිනාකම 26% කින් ඉහළ ගොස් ඇත.

කොටස් මිලදී ගැනීමට පෙර, Elon Musk ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම සඳහා භාෂණයේ නිදහස අත්‍යවශ්‍ය දැයි එහි පරිශීලකයින්ගෙන් විමසමින් ඡන්ද විමසීමක් (poll එකක්) සිදු කරන ලද අතර Twitter වෙත මුළු ඡන්ද 2,035,924 ක් ලැබී ඇති අතර 70.4% ක් එය එසේ නැතැයි ප්‍රකාශ කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. මේ මත විමසුම 2022 මාර්තු 25 වන දින පළ කරන ලද නමුත්, ඔහු ඒ වන විටත් Twitter හි කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර තිබුණේ කොටස් සඳහා ඉල්ලුම් කිරීමේ අවසාන දිනය මාර්තු 14 වන බැවිනි.

Source: Aluth, Engadget

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *