AI යනු පසුගිය වසර කිහිපය තුළ අපට නිතරම අසන්නට ලැබෙන බහුල වචනයක් වන අතර විශාල සමාගම් අතර නවතම ප්රවණතාවය වන්නේ AI ඔවුන්ගේ සියලු වර්ගවල නිෂ්පාදනවලට ඒකාබද්ධ කිරීමයි. Google සමාගම දැන් Creative Assistant යන නමින් අලුත් app එකක් develop කරමින් සිටින අතර එය personalized කළ stickers සෑදීමට generative AI භාවිතා කරයි. එය iOS 18 සමඟ අලුතින් නිවේදනය කරන ලද Apple හි Genmoji විශේෂාංගයට ඔවුන්ගේ පිළිතුරයි. මෙන්න ඔබ ඒ ගැන දැනගත යුතු සියල්ල.
මේ app එක මුලින්ම සොයාගනු ලැබුවේ Android Authority හි Mishaal Rahman විසිනි, ඔහු මෑතකදී නිකුත් කරන ලද Android 15 Beta 3 තුළ ඇති code එක සොයා ගත්තේය. නවතම beta version එකේ Google Markup app එක තුළ Creative Assistant හමු විය. මෙයින් ඇඟවෙන්නේ “remix” යන button එක හරහා screenshots වලට AI stickers සෘජුවම එක් කිරීමට Google ඔබට ක්රමයක් ඉදිරිපත් කළ හැකි බවයි. මෙම ක්රියාකාරීත්වය Google Photos වෙත extend විය හැක, එය දැනටමත් Markup භාවිතා කරයි.
තවමත් මේ පිලිබද පවතින තොරතුරු සීමා සහිත අතර, Creative Assistant එහි code එක මත පදනම් වූ Pixel-specific app එකක් ලෙස පෙනේ – “com.google.android.apps.pixel.creativeassistant”. Mishaal යෝජනා කරන්නේ මේ අලුත් app එක ඉදිරියට එන Google Pixel 9 series එකේ ආරම්භ විය හැකි බවයි. නමුත් මෙම විශේෂාංගය Android 15 ලබා ගන්නා පැරණි Pixel උපාංග මත ක්රියා කරයිද යන්න තවමත් පැහැදිලි නැත.
ඊට වෙනස්ව, Apple’s Genmoji iPhone 15 Pro, M-series iPads සහ Macs වැනි තෝරාගත් දැනට පවතින උපාංග මත වැඩ කිරීමට සකසා ඇත. Pixel 9 Google හි මීළඟ පරම්පරාවේ Tensor G4 chip සහ වඩාත් බලවත් Gemini Nano ගැන විවිධ අදහස් පළවන අතර, generative AI stickers සදහා on-device AI භාවිතා කරයිදැයි අපට විශ්වාස නැත.
Emojis සහ stickers සෑදීම සඳහා මෙම නව AI app එක ගැන ඔබ සිතන්නේ කුමක්ද? එය ඔබගේ Google Pixel හි ඉක්මනින් භාවිතා කිරීමට බලාපොරොත්තු වන දෙයක්ද?
Source: Beebom, Android Authority