Google සමාගම විසින් Google Meet සහ Duo සේවාවන් ඒකාබද්ධ කරයි

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



දිගු කලක් තිස්සේ කටකතා පැතිර ගිය Google Duo සහ Google Meet ඒකාබද්ධ කිරීම ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතී. Google සමාගම මෙම පියවර පසුගිය බදාදා (04) නිල වශයෙන් තහවුරු කළ අතර, මේ සේවාවන් දෙකෙහිම එකතුවෙන් “single video communications service” එකක් නිර්මාණය කිරීම තම අරමුණ බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Google Duo සන්නාමය මිය යමින් පවතින අතර, Duo codebase එක නව Google Meet සඳහා පදනම ලෙස පවතිනු ඇති බව පෙනේ.

Google Duo යනු මුල් ම වතාවට video chat පහසුකම් ලබා දුන් app අතරින් එකක් වුවත් අද වනවිට මේ සේවාව භාවිතා කරන ප්‍රමාණය අතිශයින්ම සීමිතයි. Google Meet අතිශය ජනප්‍රිය සේවාවක් නොවුණත් තවමත් යම් පිරිසක් භාවිතයට ගන්නා සේවාවක්. Google Duo සහ Google Meet සේවාවන් දෙක එකක් බවට පත් කරමින් Google වඩා ගුණාත්මක භාවයකින් යුතු නවතම video communications service එකක් නිර්මාණය කරාවි කියා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. මේ සේවාවන් දෙකේම ඇති විශේෂ පහසුකම් බොහොමයක් මේ නව දෙමුහුම් සේවාවේදී දැක බලාගැනීමට හැකියාව උදාවේවි.

Source: Arstechnica, 9to5Google, Google

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.