Apple සමාගම විසින් iPhone මත ක්‍රියාත්මක වන පරිදි නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතියේ නවතම අනුවාදය වන iOS 16 හඳුන්වා දෙන ලදී. iOS 16 හි අතිවිශාල වෙනස්කම් සංඛ්‍යාවක් ඇත, එබැවින් නව විශේෂාංග සියල්ල පෙන්වීමට දළ විශ්ලේෂණයක් කිරීමට අපි සිතුවෙමු.
ඔබට මේ නව iOS 16 හි ක්‍රියාකාරීත්වය දැකීමට ඉහත වීඩියෝව නැරඹීමට සිදුවේ, නමුත් මෙන්න සියලුම features ලැයිස්තුවක්:
- Lock Screen – Lock Screen එක සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත. එය customize කළ හැකි ය, එය widgets සඳහා සහය දක්වයි, සහ ඔබට play කළ හැකි new features රාශියක් ඇත.
- Notifications – නව Lock Screen එක සමඟ කරට කර ගැලපීමට, notifications වල වෙනස්කම් සිදුකර ඇත. ඒවා දැන් පහළ සිට ඉහළට එන නිසා Lock Screen widgets වලට බාධා නොකරයි. Notifications වලට bolder text සහ images සහිත new design එකක් ද ඇත, තවද ඔබට list layout, stacked view හෝ count view භාවිතයෙන් notifications බැලිය හැක.
- Focus Mode – විවිධ Focus Modes දැන් විවිධ lock screens වලට link කළ හැකි අතර, ඔබ Focus active කරන විට ඔබේ iPhone එක පෙනෙන ආකාරය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරයි. Focus එකට new filters, updated schedules, easier setup, සහ better silence/allow list ඇත.
- Home – Home app එක ඔබගේ devices සියල්ල එක තිරයකින් බැලීම සහ පාලනය කිරීම පහසු කරන updated layout එකක් සමඟින් සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස පෙනේ. ඔබේ favorites සහ rooms සියල්ලම එකම main Home tab එකේ ඇති අතර ඉහළින් ඇති categories මඟින් ඔබට lights, climate control, security products, සහ තවත් දේ වෙත ඉක්මන් ප්‍රවේශය ලබා දේ.
- Dictation – ඔබට දැන් dictation තුලින්, වචන කියවීම සහ පසුව එය edit කිරීමේදී voice සහ touch එක අතර හුවමාරු කළ හැක.
- Live Text for Video – Photos වල ඇති text හඳුනා ගැනීමට iPhone හට ඉඩ දෙන iOS 15 Live Text feature එක videoes දක්වා පුළුල් කර ඇත. ඔබ video එකක් pause කළහොත්, ඔබට frame එකේ ඇති text, copy සහ paste කිරීම, lookup සහ translate කිරීම කළ හැක.
- Shared Tab Groups – Safari හි, ඔබට දැන් වෙනත් පුද්ගලයින් සමඟ tab group භාවිතයෙන් සහයෝගයෙන් කටයුතු කළ හැක. එබැවින් ඔබ සංචාරයක් සැලසුම් කරන්නේ නම්, සැලසුම් කිරීම සහ link share කිරීම වෙන කවරදාටත් වඩා පහසු කරමින්, අන් සියල්ලන්ටම දැකිය හැකි links සමඟ contribute කල හැක.
- iCloud Shared Photo Library -iCloud Shared Photo Library සමඟින් , පවුලේ සාමාජිකයන් හය දෙනෙකු දක්වා බාධාවකින් තොරව එකිනෙකා සමඟ photos share කර ගත හැකිය. ඔබ සකසා ඇති album මත පදනම්ව photos ස්වයංක්‍රීයව shared album එකට upload කළ හැකි අතර, ඔබට Camera app එකෙන් shared library එකට කෙළින්ම upload කළ හැක.
- Maps – Maps app එක දැන් multiple stops සඳහා සහය දක්වයි, එබැවින් ඔබට මාර්ගයකට නැවතුම් 15ක් දක්වා එක් කළ හැක.
- Mail – Apple සමාගම විසින් Mail app එක වෙත ප්‍රධාන update කිරීම් සිදු කරන ලදී. Search එක වැඩි දියුණු කර ඇත, undo send feature එකක් ඇත, emails schedule කිරීමට option එකක් ඇත, ඔබට email එකකට reply කිරීමට අමතක නොවන ලෙස remind feature එකක් සහ ඔබට response එකක් නොලැබුණු විට email ගැන පසු විපරම් කිරීමට ඔබට මතක් කිරීමට feature එකක් ඇත. Mail දැන් rich links සඳහා සහය දක්වන අතර ඔබ attachment එකක් mention කර එය එක් කිරීමට අමතක වී ඇත්නම් එය ඔබට alert පෙන්වයි.
- Visual Look Up – Apple සමාගම විසින් කුතුහලය දනවන නව Visual Look Up feature එකක් එක් කළ අතර එමඟින් ඔබට image එකක subject එක grab කර ගැනීමට, එය background එකෙන් isolate කිරීමට සහ වෙනත් app එකකට එය drag කරගෙන යාමට ඉඩ සලසයි. එය ස්වයංක්‍රීයව ක්‍රියා කරන අතර, Photos, Safari, Screenshots සහ තවත් දේවල භාවිතා කළ හැක.
- Messages – Message එකක් edit කිරීම, message එකක් undoing කිරීම සහ message එකක් unread ලෙස mark කිරීම යන සියල්ල නව iOS 16 features වේ. ඔබට FaceTime හි කළ හැකි පරිදි deleted messages recover කර messages සමඟ SharePlay භාවිතා කළ හැක. SharePlay සමඟින්, ඔබට TV show නැරඹීමට හෝ වෙනත් කෙනෙකු සමඟ app එක භාවිතා කිරීමට, එසේ කරන අතරතුර Messages app එක තුළ communicate කිරීමට හැකිය. මෙම features සියල්ල iMessage වෙත limit වන අතර SMS messages සඳහා ලබා ගත නොහැක.
- Medications – iOS 16’ හි Health app එකෙහි medication tracking feature එකක් ඇති අතර එය ඔබට medicine හෝ vitamins ලබා ගැනීමට මතක් කර දෙන අතර එය Apple Watch සමඟ integrate වේ.
- Fitness – ඔබ සතුව Apple Watch එකක් නොමැති නම්, ඔබට ඔබේ steps සහ activity track කිරීමට, දහනය වන කැලරි ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට iOS 16’ හි Fitness app එක භාවිත කළ හැක.
iOS 16 දැනට developersලා සඳහා සීමා වී ඇත, නමුත් Apple සමාගම විසින් iOS 16 හි public beta එකක් ජූලි මාසයේදී ලබා දෙනු ඇත. මෙම software එක සැප්තැම්බර් මාසයේදී නව iPhone සමඟ මහජනතාවට නිකුත් කිරීමට පෙර feature refinement සහ bug fix කිරීම සඳහා ඉඩ ලබා දීම සඳහා beta testing මාස කිහිපයක් සිදු කරනු ඇත.
Source: MacRumors