Photoshop නැතුව photo වල background remove කරමු

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට අපිට විවිධ අවස්ථා වලදී අපේ විවිධ වැඩවලට විවිධ වර්ගයේ photoes අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු ඔයාගේ university එකේ assignment එකකට ඒ ඒ අදාල දේ පැහැදිලි කරන්න විවිධ photoes අපි යොදාගන්නවා. අන්න ඒ වගේ අපිට හම්බවෙන සමහර photoes අපිට transparent එහෙමත් නැත්නම් background එකක් නැතුව තියෙනවා නම් වඩාත් පහසුයි. ඉතින් ඔයාට photoshop වගේ software එකක් use කරන්න දන්නවා නම් ඒක ඔයාට එච්චර අපහසු දෙයක් නෙමෙයි. හැබැයි ඔයාට photoshop use කරන්න බැරිනම් අන්න එතකොට තමයි ගැටළුව මතුවෙන්නේ.

හුගක් Editing වැඩ්ඩෝ මේක ගැන දන්නවා ඇති කියලා හිතනවා. ඒත් දන්නේ නැති අයත් ඇති. හරි ඉතින් කෙලින්ම කියන්නම් කොහොමද ලේසියෙන්ම photo එකක background එක remove කරගන්නේ කියලා.

Step 1 : මුලින්ම යන්න ඔයාගේ web browser එකට.

Step 2 : හරි දැන් එහෙනම් සර්ච් කරන්න Remove.bg කියලා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ link එක පාවිච්චි කරලා website එකට යන්න.

Step 3 : ඔන්න ඉතින් Upload Image එක උඩ ක්ලික් එකක් දාලා ගැලරියෙන් photo එකක් තෝරගෙන done කරන්න.

Step 4 : එක තත්පරෙන් Background එක නැතිවෙලා යනවා. ඔන්න දැන් ඔයාට අවශ්‍ය දේ හරි.

Step 5 : දැන් ඉතින් photo එකට පහලින් තියෙන download බටන් එක ක්ලික් කරලා photo එක download කරගන්න පුළුවන්.

මේ Steps ටික පැහැදිලි මදි වගේ නම් ඔයාට පුළුවන් මේ පහල තියෙන වීඩියෝ එක බලලා ලේසියෙන්ම ඔයාට ඕන photo එකක background එක remove කරගන්න.

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.