Facebook වල #Hashtags හරියට Trend කරන්නේ කොහොමද? Comment කරා කියලා Trend වෙනවාද?

Englishहिन्दीBahasa IndonesiaРусскийසිංහලதமிழ்



Facebook සමාජ ජාල වෙබ් අඩවියේ #Hashtags යෙදීමෙන් ඔබට #Hashtag page එකට අදාලව ඇති සියලුම post සහ videos එකම තැනකින් දැක බලා ගැනීමටත්, එම hashtag භාවිතා කර ඇති පිරිස කොපමණ දැයි බැලීමටත් හැකියාව ලැබේ.

Facebook එකේ ඕනම තැනක Hashtag එකක් පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි ඒ hashtag එකට අදාල Feed එකට ගිහින් ඒ වේලාවෙම post එක බලන්නත් පුළුවන්, හැබැයි Hashtag එකක් comments විදියට දාලා trend වෙන්න විදිහක් නෑ. මෙයට හොඳම උදාහරණය නම් මේ දිනවල ඔබ ඔවුන් භාවිතා කරන #GoHomeGota2022 යන hashtag එක වෙත ගිය විට, එම hashtag එක භාවිතා කළ post පමණක් feed එකෙහි පෙන්වයි. එම feed එකෙහි එම hashtag එක අඩංගු comments ඔබ කිසිදා නොදකිනු ඇත. නමුත් ඔබ Twitter හි hashtag වෙත ගියහොත්, Tweet, මෙන්ම Reply Tweet ද දර්ශනය වේ.

GoHomeGota2022 Hashtag

ඒ නිසා hashtag වලින් comments නොදා, හැකිතාක් Facebook post සමඟ අදාළ hashtag එක ඇතුළත් කිරීමට ඔබේ වටිනා කාලය යෙදවිය යුතුයි. Screenshot එකෙහි, ඔබට #GoHomeGota2022 පහතින් 455K ලෙස දැකිය හැක. මෙයින් අදහස් කරන්නේ hashtag එක භාවිතයෙන් ප්‍රසිද්ධ කර ඇති post 455,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවයි.

ඉතින් post එකේ comment එකක් විදියට දාල යන hashtag trend වෙන්නේ නැති අතර කෙටි කාලයකදී එකම hashtag එක යටතේ comment යට comment ලෙස දිගටම comments දැමීමෙන් එය Facebook Algorithm එක හරහා unusual activity එකක් ලෙස හඳුනාගෙන එය නතර කරනු ලබනවා.

මෙලෙස කෙටි කාලයකදී එකම hashtag එක යටතේ comment යට comment ලෙස දිගටම comments දැමීමෙන් ඒ comments දමන ලද Facebook pages හඳුනාගැනීම සඳහා නිශ්චිත penalty period එකක් ලබා දෙනු ඇත. (මෙම penalty period එක Facebook විසින් පනවන ලද සීමාවක් නොවේ, නමුත් ඔවුන් ඔවුන්ගේ algorithm භාවිතයෙන් ඔබේ Facebook page එකෙහි reach සහ engagement ස්වයංක්‍රීයව අඩු කරනු ඇත.) එම නිසා ඔබේ Facebook page එක down විය හැක. එසේම එවැනි comments පළ කරන ඔබගේ Facebook account එක unusual activities වලට හසුවූ ගිණුමක් ලෙස Facebook Algorithm මගින් හඳුනාගනු ඇත.

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published.