Ideal Motors සමාගම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වයි




Ideal Motors විසින් 2022 ජූලි 28 වන දින JAIC Hilton හි දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වන ‘Ideal Moksha’ එළිදක්වන ලදී. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ Austin Mini Moke හි ආභාෂය ලබා ගනිමින්, Ideal Moksha රථය නිපදවා ඇත. නමින් නිරූපණය වන පරිදි, ‘Moksha’ යනු සෑම විස්තරයක් තුළම අන්තර්ගත වූ දියුණු තාක්‍ෂණය සහ සැලසුම් මූලධර්ම සමඟින් ප්‍රීතිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දීමයි. මේ රථය ශ්‍රී ලංකාවේ මාර්ග සඳහා පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව ලබා දෙන නව විසඳුමක්.

Ideal moksha 01

Four-wheeled electric quadricycle ලෙස වර්ගීකරණය කර ඇති Ideal Moksha, මේ ඉලෙක්ට්‍රික් මෝටර් රථය තුළ 22.46 kWh Lithium බැටරියක් සවි කර ඇති අතර එය ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාව ද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය. මෝටර් රථයේ අභ්‍යන්තරය රියදුරුට සහ මගීන් 3 දෙනෙකුට සුවපහසු ආසන ලබා දෙන ඉඩකඩ සහිත මැදිරියකින් සමන්විත වේ. මෝටර් රථය ගැලපෙන 2-tone exterior colours වලින් පිරිනමනු ලැබේ.

Ideal moksha 02

Apple CarPlay සහ Android Auto compatibility සමඟ එන 7-inch multimedia touchscreen display එක භාවිතයෙන් පාරිභෝගිකයාට information, favourite music සහ maps වෙත ප්‍රවේශ විය හැක. සම්පුර්ණයෙන්ම වායුසමනය කරන ලද මෝටර් රථයට push start සහ alloy wheels ද ඇතුළත් වේ. තවද, Ideal Moksha පාරිභෝගිකයාට standard benefit එකක් ලෙස ඉලෙක්ට්‍රික් මෝටරය සඳහා වසර 2ක වගකීමක් ලබා දෙයි. බැටරිය සඳහා ලබා ගත හැකි වගකීම් කාලය මෝටර් රථ මිලදී ගත් දින සිට වසර 5 කි.

Ideal moksha 03

සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය මෝටර් රථය ආරම්භයේ සිටම 100% ගියර් වෙනස් කිරීම් නොමැතිව, ඉගෙනීමේ පහසුව සහ සැහැල්ලු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි. මෙම නවෝත්පාදනයන් සමඟින්, Ideal Moksha ශ්‍රී ලංකාවේ ගමනාගමනයේ සහ සංචාරවල ස්වභාවය පරිවර්තනය කිරීමට සූදානම් වේ. එය සෑම කෙනෙකුටම සහ ඕනෑම කෙනෙකුට සුදුසුම වාහනයකි.

වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි බව විශේලේෂකයින් පවසයි.

Source: Ada Derana Biz, Aruna

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *