Apple සමාගම විසින් iOS 17 නිවේදනය කර ඇති අතර, එය iPhone operating system එකට වැඩිදියුණු කිරීම් සහ නව විශේෂාංග රැසක් ගෙන එයි. මෙයට Lock Screen එක සඳහා තවත් customization options, වැඩිදියුණු කළ iMessage සහ FaceTime, Health app එක සඳහා නව විශේෂාංග සහ නව Standby mode ඇතුළත් වේ. නමුත් සියලුම iPhone මාදිලි මේ iOS 17 සංස්කරණය සඳහා සහය නොදක්වයි. iOS 17 ධාවනය කළ හැක්කේ කුමන iPhone වලටද යන්න අපි පහලින් විස්තර කර ඇත.
iOS 17 සමඟ අනුකූලවීමට නම් iPhone මාදිලි සඳහා A12 Bionic chip එකක් හෝ latest chip version එකක් අවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ iPhone 8, iPhone 8 Plus සහ iPhone X සඳහා මේ යාවත්කාලීනය ලබාගත නොහැකි බවයි.
iOS 17 සංස්කරණය සහය දක්වන සියලුම iPhone මාදිලි ලැයිස්තුවක් මෙන්න
- iPhone XS සහ XS Max
- iPhone XR
- iPhone 11
- iPhone 11 Pro සහ Pro Max
- iPhone 12 සහ 12 mini
- iPhone 12 Pro සහ Pro Max
- iPhone 13 සහ 13 mini
- iPhone 13 Pro සහ Pro Max
- iPhone 14 Pro සහ Pro Max
- iPhone SE (2nd සහ 3rd gen)
iOS 17 සංස්කරණය සංවර්ධකයින් සඳහා beta software එකක් ලෙස ලබා ගත හැක. Public beta එකක් ලබන මාසයේ ලබා ගත හැකිවනු ඇත. මීට අමතරව සංවර්ධකයින්ට Apple හි නිල වෙබ් අඩවිය ඔස්සේ iOS 17 සංස්කරණය පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැක.
Source: 9to5mac, Mysmartprice, Apple