Online Meeting වලට Zoom වලට වඩා හොද Jitsi

Englishहिन्दीРусскийසිංහලதமிழ்



Online meeting වලට බොහෝදෙනෙක් පාවිච්චි කරන මේ දවස් වල ජනප්‍රිය සේවාවන් තමයි Zoom, Google meet, skype වගේ සේවාවන්. මේ කතාකරන Jitsi කියන්නේ ඒ වගේම online meeting වලට පාවිච්චි කරන්න පුළුවන් Free සහ Open Source වැඩසටහනක්. ඒ වගේම මේක අනිත් සේවාවන් එක්ක කරට කර තරග කරන්න පුළුවන් සේවාවක්.

Open source නිසා අවශ්‍ය නම් හැකියාව තියන කෙනෙක්ට තමුන්ගේම server එකක් හදල පුද්ගලික සේවාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය පාවිච්චිය හරිම පහසුයි. කිසිම software එකක් install කරන්න අවශ්‍ය නැහැ. මේ link එකට ගිහින් browser එක හරහා ලියාපදිංචි වීමකින් තොරවම meeting හදන්න/ join වෙන්න පුළුවන්.

Meeting වලට time limit නැහැ. සාමාජිකයින් ගණන වරකට 100කට සිමා වෙනවා. වැඩි පිරිසකට broadcast කරන්න අවශ්‍ය නම් පහසුවෙන්ම YouTube Live එකක් විදිහට meeting එක stream කරන්න පහසුකම දීල තියනවා.

Jitsi වල තිබෙන වෙනත් පහසුකම්

  • Dropbox storage එකට cloud record කිරීමේ පහසුකම තියනවා.
  • Meetings තමුන්ගේ වෙබ් අඩවියකට embed කරගැනීමේ හැකියාවත් තියනවා.
  • තමුන්ගේ අන්තර්ජාල වේගයට ගැලපෙන පරිදි meeting quality එක manually adjust කරගැනීමේ පහසුකම මෙහි තියනවා.
  • YouTube හෝ Direct video link එකක් කෙලින්ම meting එකට share කිරීමේ පහසුව තියනවා.
  • අවශ්‍ය නම් apple හෝ android app එක පාවිච්චි කරලා mobile device එකෙන් log වෙන්නත් පුළුවන්.
  • කිහිප දෙනෙකුට එකවර screen share කරන්න පුළුවන්.
  • Google, Microsoft calendar සමග පහසුවෙන් සම්බන්ද කරන්න පුළුවන්.

Source: Coding පන්තිය

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *