Meta සමාගම විසින් Facebook සහ Instagram සඳහා 3D Avatars හඳුන්වා දෙයි

2020 දී, Meta සමාගම Bitmoji වැනි Avatars හඳුන්වා දෙනු ලැබු අතර, ඒවා Facebook සහ Messenger යන app දෙකෙහිම stickers, profile pictures සහ තවත් බොහෝ දේ සඳහා භාවිතා කළ හැකි වුණා. මෙම 3D Avatars මෑතකදී වැඩි ප්‍රජාවන් නියෝජනය කිරීම සඳහා තවත් මූලිකාංග ඇතුළත් කිරීමට update කරන ලද අතර මෙම update එක දැන් ඉන්දියාවේ Facebook, Messenger සහ Instagram යන apps හරහා පරිශීලකයින් වෙත ළඟා වී තිබෙනවා.

ඔබට දැන් Facebook, Messenger, සහ Instagram හි නව 3D Avatars stickers, feed posts, සහ Facebook සඳහා profile pictures ලෙස භාවිත කළ හැකිය. පළමු වතාවට, මෙම Avatars අන් අයට send කිරීමට Instagram Stories සහ DMs භාවිතා කළ හැකියි.

ඔබට මෙම Avatars GIF හෝ Video Reel එකක් ලෙස යැවීමටද හැකි වනු ඇත. තවද, මේවා GIF, stickers, emojis සහ texts හැර වෙනත් කෙනෙකුගේ post වලට comment කිරීමේ ක්‍රම ලෙසත් භාවිත කළ හැක.

නව වෙනස්කම්වලට නව hair colors, skin colors, accessories, more face shapes, expressions, more dressing options, body types සහ තවත් දේ ඇතුළත් වේ. ඔබට ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කිරීම සඳහා heading aids, wheelchair, Cochlear implants සහ තවත් දේ එක් කිරීමට ද තෝරා ගත හැකිය.

Facebook සහ Instagram හි 3D Avatars නිර්මාණය කරන්නේ කෙසේද?

එය තරමක් සරල ක්‍රියාවලියකි. Facebook වල එය සිදුකරන ආකාරය:

create facebook 3d avatars
  • Menu option එක මත tap කර “See More” option එක බැලීමට ටිකක් පහළට scroll කරන්න.
  • Avatars option තෝරන්න, ඉන් පසුව ඔබව වඩාත් හොඳින් විස්තර කරන options තේරීමෙන් Avatars නිර්මාණය කිරීමට ඔබට හැකි වනු ඇත.

Instagram වල සිදුකරන ආකාරය:

create 3d avatars on instagram
  • Profile section එක යටතේ, Settings option සඳහා ගොස් Account option තෝරන්න.
  • දැන්, Avatars option තෝරා Avatars සෑදීමට on-screen instructions අනුගමනය කරන්න.

Source: Beebom, Business Insider

Advertisment


TEC ROOM is a Sri Lankan technology website, publishing news, feature stories, software & app reviews, tech tutorials and product reviews in Sinhala.

Advertisment

Leave a Reply

Your email address will not be published.