Microsoft සමාගම වෙතින් ‘Power On: The Story of Xbox’ නම් වාර්තා චිත්‍රපටයක් නිකුත් කරයි




Microsoft සමාගම විසින් Xbox console හි 2021 සංවත්සර සැමරුමේ කොටසක් ලෙස 2021 දී Xbox console හි ගමන විස්තර කරමින් “Power On: The Story of the Xbox” නමින් කොටස් හයක වාර්තා චිත්‍රපටයක් නිකුත් කර ඇත.

මෙම වාර්තා චිත්‍රපටය ඔබව Xbox gaming console එකෙහි ආරම්භයේ සිට අද ඇති තැනට ගෙන යනු ඇත, එසේම මෙම Xbox gaming console එක අද තිබෙන තැනට ගෙන ඒමට සියලු අභියෝගවලට මුහුණ දුන් Xbox කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඒ අභියෝගයන් ඔබට අසන්නට ලැබේ.

මේ වාර්තා චිත්‍රපටය හරහා Microsoft සමාගම ඒ වන විට ගෝලීය gaming industry එක සහ වෙළඳපොලේ Sony සහ Nintendo සමාගම් ආධිපත්‍යය ලබා ගැනීමට සිදු කරන Xbox හි මුල් සැලසුම සහ අද Xbox gaming console එක තිබෙන තැනට පත්වන තුරු පැමිණි ගමන් මග ද, Nintendo සමාගම විසින් Xbox මිලදී ගැනීමට උත්සාහ කිරීමේ ක්‍රියාවලිය ගැන ඔබට වැඩිදුර ඉගෙන ගත හැකිය.

Power On: The Story of Xbox වාර්තා චිත්‍රපටියේ කොටස් හය RedBox, IMBbTV, YouTube, The Roku Channel, Microsoft Movies & TV, සහ වෙනත් විවිධ video streaming platform ඔස්සේ නොමිලේ ලබාගත හැක.

Source : Xbox, Pureinfotech

Advertisment


Share

Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *