Microsoft Teams සහ Outlook සේවා පැය හතරක කාලයක් ඇනහිටී




Microsoft ආයතන​ය මඟින් ලබා දෙන Microsoft 365 සේවාවේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් හට Microsoft Outlook ස​හ Teams සේවා වෙත ප්‍රවේශ වීමට නොහැකි බව වාර්ථා කර තිබෙනවා. එමෙන්ම එක්සත් රාජධානියේ ප​මණක් පරිශීලකයන් 5000ක​ට Outlook වෙත පිවිසීමට නොහැකි යැයි විදෙස් මා​ධ්‍ය වාර්තා කර ​තිබු​ණා.

කෙසේ වෙතත් Microsoft ආයතනය විසින් මෙම බිඳවැටීම් සම්බන්ධව නි​​ළ වශයෙන් Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ඔවුන් විසින් දෝෂයන් හඳුනාගෙන ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදමින් සිටින බවත්ය.

Microsoft Outlook ස​හ Teams සේවාවලට අමතරව තවත් සේවාවන් රැසක් මේ සමඟ අකර්මණ්‍ය වී තිබෙනවා. Microsoft Service Health Status වෙබ් පිටුවේ සඳහන් කර තිබූ ආකරයට ඉහත සඳහන් කළ සේවාවන් ඇතුළුවන් සේවාවන් 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බිඳ වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සේවා සහ සේවක කප්පාදුව​ත් සම​ඟ බොහෝ ආයතන සහ සමාග​ම් වෙත සිය සේවාවන් කළමණාකරණය කර ගැනීමට අපහසු වී තිබෙන බවයි.

Source: BBC, The Verge, TechNews.LK

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *