Binance හැක් කර ඩොලර් මිලයන 570ක් වටිනා BNB Tokens සොරාගනි




ලොව විශාලතම Cryptocurrency Exchange එක වන Binance විසින් එහි ඩොලර් මිලියන 570ක් පමණ වටිනා BNB tokens හැකර්වරුන් විසින් සොරාගැනීමෙන් පසු එහි blockchain ජාලය තාවකාලිකව අත්හිටුවා ඇත.

Binance පැවසුවේ එහි BNB Chain එක සමඟ සම්බන්ධ වන cross-chain bridge එකක් ඉලක්ක කරගත් බවත්, හැකර්වරුන්ට BNB tokens ගෙනයාමට හැකි වූ බවත්ය. Cross-chain bridges යනු එක් blockchain එකකින් තවත් blockchain එකකට tokens මාරු කිරීමට ඉඩ සලසන මෙවලම් වේ.

සංවර්ධකයින් කණ්ඩායමක් හැකර් ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන අතරතුර BSC හි නව කොටස් නිර්මාණය කිරීම නවතා දැමීමට network validators සමඟ වැඩ කර ඇති බව සමාගම පැවසීය.

“Cross-chain bridge, BSC Token Hub මත exploit වීම හේතුවෙන් අමතර BNB ඇති විය. BSC තාවකාලිකව අත්හිටුවන ලෙස අපි සියලුම validatorsලාගෙන් ඉල්ලා සිටිමු,” Binance හි ප්‍රධාන විධායක නිලධාරී Changpeng Zhao ඔක්තෝම්බර් 06 වන දා සවස tweet පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ප්‍රශ්නය දැන් සමතයකට පත් කර ඇත. ඔබේ අරමුදල් ආරක්ෂිතයි. අපහසුතාවයට අපි සමාව අයදින අතර ඒ අනුව වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබා දෙන්නෙමු.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සමස්තයක් වශයෙන්, හැකර්වරු BNB tokens මිලියන 2 ක් (වත්මන් මිල අනුව ඩොලර් මිලියන 570 ක් පමණ) ජාලයෙන් ඉවතට ගත් බව Binance’s BNB Chain ඔක්තෝම්බර් 07 වන දින බ්ලොග් සටහනක පැවසීය.

Crypto security firm එකක් වන Immunefi පවසන පරිදි, ව්‍යාජ ගනුදෙනු කිරීමට සහ මුදල් ආපසු යැවීමට හැකර්වරුන්ට ඉඩ සලසන bridge’s smart contract එකේ දෝෂයක් (bug) නිසා මෙම හැකර් ප්‍රහාරය සිදු විය. Smart contracts යනු මානව මැදිහත්වීමකින් තොරව ගිවිසුම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන blockchain හි කේත කොටස් වේ.

Source: CNBC

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *