YouTube හි කිරුළ PewDiePie ගෙන් MrBeast අතට




YouTube හි ඇති වඩාත්ම ජනප්‍රිය නාලිකාවලින් එකක් වන PewDiePie channel එකෙන්, දැන් most subscribed-to channel යන title එක ඉවත් කර ඇත. දැන්, MrBeast වැඩිම subscribers ප්‍රමාණයක් සිටින YouTube creator වේ.

Dexerto විසින් captured කරගත් පරිදි , ජනප්‍රිය YouTube channel එක වන MrBeast නොවැම්බර් 14 වැනි දින YouTube හි most-subscribed-to creator යන title එක ලබා ගත්තේය. MrBeast, නොවැම්බර් 15 වන විට most-subscribed-to channel ලෙස දැන් වසර ගණනාවක් තිස්සේ කිරුළ හිමි කර ගෙන සිටි, මිලියන 112ක් පමණ subscribers ප්‍රමාණයක් සිටි PewDiePie හි total subscriber count එක අභිබවා ගියේය.

YouTubes most subscribed content creator

2019 දී ඉන්දියාව පදනම් වූ YouTube channel එකක් වන T-Series subscriber count එකේ කිරුළ කෙටියෙන් අභිබවා යාම ඇතුළුව, PewDiePie හි position එක විවිධ අවස්ථා වලදී අභියෝගයට ලක්ව ඇත. T-Series දැනට YouTube හි most-subscribed-to channel යන title එක දරන අතර ඔවුන්ගේ channel එකට මිලියන 229 කට අධික subscribers ප්‍රමාණයක් ඇත. නමුත් MrBeast single creator කෙනෙකු (සහ ඔහුගේ කුඩා කණ්ඩායම) ⁣ලෙස title එක දරයි.

MrBeast channel එක Jimmy Donaldson විසින් මෙහෙයවනු ලබන අතර එය උතුරු කැරොලිනාව පදනම් කරගෙන ආරම්භ කර ඇත. Channel එක පළමු වරට launch කරන ලද්දේ 2010 දශකයේ මුල් භාගයේදී, නමුත් 2017 දී පමණ සාර්ථකත්වය දැකීමට පටන් ගත්තේ Jimmy ගේ 100,000 දක්වා ගණන් කරන වීඩියෝවක් දින කිහිපයකින් දස දහස් ගණනක් නැරඹූ විටය. මෑත වසරවලදී, ප්‍රධාන MrBeast channel එක recreation of Squid Game on a massive scale, Jimmy’s generous giveaways, සහ starting the “TeamTrees” initiative ඇතුළු වීඩියෝ සඳහා ජනප්‍රිය වී ඇත. Jimmy ගේ මේ සාර්ථකත්වය එක්සත් ජනපදය පුරා “MrBeast Burger” ලෙස හඳුන්වන ghost kitchen “restaurants” දාමයකට ද හේතු වී ඇත.

Source: 9to5google, Dexerto

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *