OnMobile Dialog සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු Mobile Cloud Gaming Platform එක දියත් කරයි




ඉන්දීය Telecommunication සමාගමක් වන OnMobile සමාගම, ශ්‍රී ලංකාවේ Dialog Axiata PLC සමඟ හවුල් වී ශ්‍රී ලංකාව සඳහා ප්‍රථම වරට Mobile Cloud Gaming Platform එකක් හඳුන්වා දෙනු ලබන තර එය ඔවුන් “ONMO” ලෙස නම්කර තිබෙනවා.

ඒ අනුව ONMO Mobile Cloud Gaming Platform එක ඔස්සේ සපයනු ලබන මෙම Cloud Gaming අත්දැකීම Dialog පාරිභෝගිකයන් සඳහා Action, Arcade, Racing, Adventure සහ Puzzles වැනි වඩාත් ජනප්‍රිය Mobile Games Category ගණනාවක් ක්‍රීඩා කිරීමට හැකි වේ. මේ වන විටත් ONMO නව Mobile Games 60කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මේ සේවාව අත්විඳීමට පරිශීලකයින්ට අවස්ථාවක් ලබා දීම සඳහා, මෙම Platform එක නොමිලේ අත්හදා බැලීමේ දායකත්වයක් සමඟ පිරිනමනු ලබන බවට වාර්තා පලවෙනවා.

OnMobile collaborates with Dialog

ONMO හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂ් ශේෂාද්‍රි පැවසුවේ, “ONMO Cloud Gaming සඳහා නව ගමනාන්තයක් බවට පත්වනු ඇතැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවේ පළමු Cloud Gaming Platform එක දියත් කිරීම සඳහා Dialog සමඟ හවුල් වීමට අපි සතුටු වෙමු. ONMO Dialog පාරිභෝගිකයින් සඳහා විනෝදජනක සහ ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කරනු ඇත.” යන්නයි.

Source : Times of India, Gadget Times

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *