ChatGPT chatbot sensation පිටුපස සිටින OpenAI සමාගම එහි කෘතිම බුද්ධි පද්ධතිවල දෝෂ වාර්තා කිරීම සඳහා පරිශීලකයින්ට $20,000 ක් දක්වා පිරිනමයි.
පසුගිය දිනක සජීවීව ගිය OpenAI Bug Bounty වැඩසටහන හරහා, පුද්ගලයන්ට ඔවුන් වාර්තා කරන දෝෂ වල බරපතලකම මත පදනම්ව ත්‍යාග පිරිනමනු ඇත, එක් අවදානමකට $200 සිට ත්‍යාග ආරම්භ වේ.
තාක්ෂණ සමාගම් බොහෝ විට ඔවුන්ගේ මෘදුකාංග පද්ධතිවල දෝෂ වාර්තා කිරීමට programmers සහ ethical hacker වරුන් දිරිමත් කිරීමට bug bounty වැඩසටහන් භාවිතා කරයි.
Bug bounty platform Bugcrowd හි විස්තර වලට අනුව, OpenAI විසින් ChatGPT හි ඇතැම් ක්‍රියාකාරීත්වය සහ OpenAI පද්ධති තෙවන පාර්ශවීය යෙදුම් සමඟ දත්ත සන්නිවේදනය කරන ආකාරය සහ බෙදා ගන්නා ආකාරය පිළිබඳ framework review කිරීමට පර්යේෂකයන්ට ආරාධනා කර ඇත.
OpenAI පද්ධති මඟින් නිෂ්පාදනය කරන ලද වැරදි හෝ malicious content මේ වැඩසටහනට ඇතුළත් නොවේ.
සැකකටයුතු රහස්‍යතා නීති කඩකිරීමක් හේතුවෙන් ChatGPT ඉතාලියේ තහනම් කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම පියවර ගෙන ඇති අතර, අනෙකුත් යුරෝපීය රටවල නියාමකයින් generative AI සේවාවන් වඩාත් සමීපව අධ්‍යයනය කිරීමට මෙමගින් පොළඹවයි.
මාර්තු මාසයේදී, OpenAI හට ‘significant issue’ ඇති කළ දෝෂයක් නිසා සමහර පරිශීලකයින්ට chatbot සමඟ අනෙක් අයගේ conversation history බැලීමට හැකි විය. එය fix කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පරිශීලකයින්ට පැය කිහිපයක් සඳහා ChatGPT හි ඔවුන්ගේ chat history වෙතට ප්‍රවේශ වීමට නොහැකි විය.
Source: Metro, Reuters, Fast Company Middle East