SLT, BOI සහ Port City ජනාධිපතිගේ පාලනයට




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ (Port City) ආර්ථික කොමිෂන් සභාව තමා යටතට ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයේ වත්මන් අමාත්‍යාංශවල සහ එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති ආයතනවල රාජකාරි සහ කාර්යයන් නිශ්චිතව දක්වා ඇති අතර, රාජ්‍ය ආයතන ගණනාවක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා.

SLT BOI and Port City

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ (Port City) ආර්ථික කොමිෂන් සභාව ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වන ආයතනවල පාලනය හිමිවෙනවා. මීට අමතරව කොළඹ නෙළුම් කුළුණ ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන තිබෙනවා.

සියලුම රාජ්‍ය බැංකු සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ආයතන පවතින්නේ මුදල් අමාත්‍යවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේය.

Source: Colombo Gazette

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *