SLT-Mobitel mGuide සේවාව Hutch පාරිභෝගිකයින්ට ප්‍රවේශවීමේ හැකියාව පුළුල් කරයි




පුරාවිද්‍යා හා ඓතිහාසික උරුමයන් ඇතුළු ශ්‍රී ලංකාවේ සිත්ගත් ස්ථාන භුක්ති විඳීමට සහ නැවත සොයා ගැනීමට පුරවැසියන් වැඩි ප්‍රමාණයකට පහසුකම් සැලසීම සදහා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව SLT-Mobitel සියළුම Hutch පාරිභෝගිකයන් වෙත සිය mGuide සේවාවේ ප්‍රවේශය පුළුල් කර ඇත.

mGuide යනු ජනප්‍රිය පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීමෙන් පාරිභෝගිකයින්ට දුරකථනය හරහා ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට හැකි Interactive voice recording සේවාවකි. පුරාවිද්‍යාවට අදාළ පුවත් සහ සිදුවීම් පිළිබඳ තොරතුරු ද මෙම සේවාව මගින් සපයයි.

මහජනතාව සඳහා වැඩි වටිනාකමක් ලබා දෙමින්, SLT-Mobitel විසින් Hutch පාරිභෝගිකයන් වෙත සිය mGuide සේවාවන් දීර්ඝ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ දර්ශනීය හා සංස්කෘතික විචිත්‍රත්වය ගවේෂණය කිරීමට සහ එමගින් පොහොසත් තීක්ෂණ බුද්ධියක් ලබා ගැනීමට හැකි වේ.

mGuide සේවාව සිසුන්ට, මහජනතාවට, දැනුම සොයන්නන්ට සහ රටේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා virtual tour guide කෙනෙකු ලෙස සේවය කරනු ඇත.

mGuide සේවාව තවදුරටත් වැඩිදියුණු කර ඇති SLT-Mobitel දැන් භාෂා 10 කට අධික සංඛ්‍යාවකින් සහ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන 300 කට අධික සංඛ්‍යාවක පිළිබඳ තොරතුරු ලබා දෙයි.

ඡායාරූපය: Hutch (Pvt) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා (වමේ), Mobitel (Pvt) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ) සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්.

Source: Sunday Observer, Dailymirror

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *