Software Issue එකක් හේතුවෙන් Tesla වාහන 321,000 කට අධික ප්‍රමාණයක් ආපසු කැඳවයි

Englishहिन्दीРусскийසිංහලதமிழ்



Tesla සමාගම විසින් මෘදුකාංග දෝෂයක් හේතුවෙන් වාහන 321,000කට අධික ප්‍රමාණයක් ආපසු කැඳවා තිබෙනවා. මේ මෘදුකාංග දෝෂය හේතුවෙන් සමහර මෝටර් රථවල taillights අනිසි ලෙස ආලෝකමත්වී තිබෙනවා. NHTSA (National Highway Traffic Safety Administration) වාර්තාවකට අනුව, මෙලෙස නැවත කැඳවනු ලැබු මාදිලි අතර 2023 Model 3 වාහන සහ 2020 සිට 2023 Model Y වාහන යන මාදිලි ප්‍රධාන තැනක් ගන්නවා.

Tesla සමාගම පවසන්නේ වාහනයේ එක් පැත්තක හෝ දෙපස පිටුපස විදුලි පහන් වාහනය පණගැන්වීමේ ක්‍රියාවලියේදී ඇතිවන දෝෂයක් හේතුවෙන් වරින් වර දැල්විමක් සිදුවන බවයි. NHTSA පවසන්නේ මෙය රාත්‍රි කාලයේදී අනතුරු ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බවයි, නමුත් Tesla සමාගමට මෙම දෝෂය⁣ට අදාළව සිදුවී ඇති තුවාල හෝ අනතුරු පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නැති බවයි ඔවුන් පවසන්නේ. Tesla සමාගම විසින් මෙම දෝෂයට over-the-air (OTA) software update සමඟින් විසඳුම් ලබා දෙන බවයි.

Tesla Model Y Guicksilver

මෙය electric වාහන නිෂ්පාදකයාගේ මෙම වසරේ 19 වැනි නැවත කැඳවීමයි. පසුගිය සතියේ Tesla සමාගම විසින් Model X වාහන 30,000 කට ආසන්න ප්‍රමාණයක් නැවත කැඳවා ඇති අතර එය අඩු වේගයකින් සිදුවන ගැටීම් වලදී airbag ක්‍රියාත්මකවීමේ ගැටලුවක් වන අතර, කුඩා දරුවෙකු ඉදිරිපස අසුනේ සිටී නම් එමඟින් දරුවාට තුවාල විය හැක. ගැටිති සහිත මාර්ග හරහා ධාවනය කිරීමේදී හෝ වළක වැදීමෙන් පසු power steering නැතිවීමට හේතු විය හැකි ගැටළුවක් හේතුවෙන් සමාගම මීට පෙර Model X සහ S මෝටර් රථ 40,000 කට වඩා ආපසු කැඳවන ලදී.

Source: The Verge, Tech Crunch

Advertisment


Sinhala Tech News Publisher

Advertisment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *